කලුබෝවිල රෝහලේ වෛද්‍යවරයාගේ අතවරයට පත් රෝගී තරුණියගේ සාක්ෂිය…

woman11කලුබෝවිල රෝහලේ අධිකරණ වෛද්‍ය ඒකකය තුළ දී තරුණියක් ලිංගික හිංසනයට ලක්වූ ආකාරය පිළිබදව හෙළි වී තිබේ. තරුණිය විසින් ලබා දී ඇති සාක්ෂි ප්‍රකාරව ඒ කතාව මෙසේය.

මෙම තරුණිය පුද්ගල පහරදීමකට ලක්ව ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව අධිකරණ වෛද්‍ය නිලධාරී වාර්තාව ලබා ගැනීම සදහා කලුබෝවිල රෝහල වෙත යොමුකර තිබේ.  ඇය සිය මවත්, සොයුරියත්,ජයවරධනපුර රෝහලේ කාර්ය මණ්ඩල සාමාජිකයන් දෙදෙනෙකුත් සමග කලුබෝවිල ශික්ෂණ රෝහල වෙත ගොස් ඇත.

එහිදී රෝහලේ අධිකරණ වෛද්‍ය ඒකකය වෙත තරුණිය ඇතුළත් කර තිබේ. එහි සිටි අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා අනෙක් පිරිසට කාමරයෙන් ඉවත්ව යන ලෙස පවසා තරුණිය පමණක් කාමරය ඇතුළේ තනි කරගෙන ඇත.

තමන් සමග හුදකලා කරගත් තරුණියගේ තුවාල පිරික්සීම වෛද්‍යවරයා විසින් අරඹා අැත. මෙසේ විනාඩි 15 පමණ තිස්සේ ඇයගේ දෑත්, දෙපා, මුහුණ, හිස, සහ පිට පෙදෙස පරීක්ෂා කරන අතර වෛද්‍යවරයා විසින් ඇයව අනවශ්‍ය ලෙස ස්ඵර්ෂ කරමින් සිට ඇත. මේ අනවශ්‍ය ස්පර්ෂ කිරීම් දැනුනත් තරුණිය සිතා සිටියේ මේ ප්‍රතිකාර අවස්ථාවක ස්වරූපය බවය.

මේ ස්ඵර්ෂ කිරීම්වලින් අනතුරුව වෛද්‍යවරයා තරුණියට ආසනයේ පිටුපසට එන්නට උපදෙස් දී ඇත. අනතුරුව ඔහු ඇයගේ උදරය හා පපු  පෙදෙස අනවශ්‍ය අවධානයකින් පරීක්ෂා කරමින් සිටින අතර ඇය ඇද සිටි උඩුකය ඇදුම ඉහළට ඔසවා තිබේ. අනතුරුව සිය දෑතම යොදාගෙන තරුණියගේ පිට පෙදෙස සම්බාහනය කරන්නට පටන් ගත් වෛද්‍යවරයා එ් අතර බ්‍රෙසියරය පිටුපසින් පන්නා ඉවත් කර ඇත.  බ්‍රෙසියරය ඉවත් වීමත් සමග නිරාවරණය වූ පියයුරු ගිජු ලෙස දෑතින් ඩැහැ ගැනීමට වෛද්‍යවරයා කටයුතු කර අැති ආකාරය තරුණිය ලබාදුන් සාක්ෂියෙන් හෙළි වේ. ඉන් තැති ගත් තරුණිය අපහසුවෙන් හා කෝපයෙන් නැගී සිටි විටම වෛද්‍ය වාර්තාව නිකුත් කිරීමට වෛද්‍යවරයා පියවර ගෙන ඇත.

මේ සිද්ධිය දරාගෙන ජයවර්ධනපුර රෝහලට ගිය තරුණිය පසුව හඩා වැටෙමින් තමන්ට වූ අතවරය මෑණියන්ට පවසා ඇත. නිවසට ගිය වහාම මව විසින් මේ අවනඩුව තරුණියගේ පියාට දන්වා තිබේ. මීට ගතයුතු පියවර කුමක්දැයි කල්පනා කරමින් මේ දෙපළ දින දෙකක් ගත කළහ. එසේ කල් ගතවූයේ දියණිය ඒ වනවිටත් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගනිමින් සිටි නිසාය.

මේ අතර පසුගිය 23 දා පෙරවරුවේ  කලුබෝවිල රෝහලේ අධිකරණ වෛද්‍ය ඒකකයේ හෙදියක් ජයවර්ධනපුර රෝහලේ ඇය ප්‍රතිකාර ගත් වාට්ටුවට ඇමතුමක් දී පවසා තිබුණේ වෛද්‍යවරයාට ඇය නැවත පරීක්ෂා කිරීමට අවශ්‍ය හෙයින් සවස 3.30 වනවිට  නැවත එම වෛද්‍යවරයාව හමුවන ලෙසය. වෛද්‍ය පරීක්ෂණ වාර්තාවත් ලබා දී තිබුණු හෙයින් මේ කැදවීමේ වනචරකම වටහාගත් තරුණියගේ දෙමව්පියෝ කළුබෝවිල රෝහලට ගියහ. සිද්ධිය සම්බන්ධව රෝහල් අධ්‍යක්ෂවරයාට පැමිණිලි කළහ. ඒ සමගම පොලිසියටත් පැමිණිලි කරනු ලැබීය. ඒ අනුව පොලිස් විමර්ශනයක් ඇරඹිනි. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල කලුබෝවිල රෝහල් අධ්‍යක්ෂවරයාට නියෝග කළේ රෝහල පාර්ශවයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙසය.

රටම බලා සිටින්නේ මේ පරීක්ෂණ සිදුවන ආකාරය ගැනය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.