දයාසිරි – අකිල: ක්‍රීඩාව සහ අධ්‍යාපනය සහයෝගෙන්

අවුරුදු ගණනක සිට පැවති දයාසිරි අකිල ආතර් පැවතුනේ පළුදු වූ සම්බන්ධයකි.අකිල විරාජ් කාරියවසම් උග්‍ර රනිල් වාදියෙකු වූ අතර දයාසිරි නිතර රනිල් වික්‍රමසිංහ ප්‍රශ්න කළේ සජිත් ප්‍රේමදාසට හේත්තු වෙමිනි.
MALIIYADEVASIRI
අවසානයේදී දයාසිරි මහින්ද හරහා  මෛත්‍රි පිලිඅට ලංවී ක්‍රීඩා ඇමතිකම ලබ ගත්තේය.අකිල  රනිල් ගේ සෙවනේ සිට අධ්‍යාපන ඇමතිකම ලබා ගත්තේය.
එහෙත් දෙදෙනාගේ පැරණි විරසකය ඒ ලෙසින්ම තිබිණ.
එහෙත් දැන් මේ  ගැටුමහමාර කර දැමීමට  ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමත් වී ඇත.මේ ගැටුම් සමතකරණය එන්නේ දේශපාලන වුවමනාවක්ද සමගිනි.
ජනාධිපති සිරිසේනට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැවත ප්‍රතිසංවිධානය කිරීමට ඇත්තේ දැඩි අවශ්‍යතාවකි.මේ සංධා ඔහුව පිළිගන්නා තරුණ නායකත්වයක සහයෝගය අවශ්‍යවී තිබේ.එතැනදී දයාසිරි ජයසේකර සියළු සුදුසුකම් සපුරා ඉදිරියෙන්ම සිටී.පසු ගිය මැතිවරණයේදී ජනධිපතිවරයා ගේ ඇල්ම සහ බැල්ම දයාසිරි වෙත ලැබිණ.
වාර්ෂික ත්‍යාග  ප්‍රධානොත්සවයට
කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයේ ඊයේ ( 04) පැවති වාර්ෂික ත්‍යාග  ප්‍රධානොත්සවයට ක්‍රීඩා ඇමති දයාසිරි ජයසේකර මහතාටත් අධ්‍යාපන ඇමති අකිල කාරියවසම් මහතාටත් ආරාධනා කර තිබුණි. ප්‍රධාන ආරාධිතයා වුයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාය.
වෙනදා මෙන් එකිනෙකා වෙන වෙනම උත්සව අවස්ථාවට සහභාගී වීමට එනවිට ජනාධිපතිතුමා අකිලටත් දයාසිරිටත් කතාකොට තමාගේ වාහනයට නගින මෙන් ආරාධනා කළේය. බොහෝ කාලයක සිට මුහුණට මුහුණ කතා නොකළ දයාසිරි අකිල දෙපල සිනාමුසු මුහුණින් ජනාධිපතිවරයාගේ වාහනයට ගොඩවිය. කුරුණෑගල ජනතාවගේ ඇස් පුදුම කරවමින් ජනාධිපති ප්‍රමුඛ අකිල දයාසිරි ජෝඩුව අත්වැල් බැඳගනිමින් කුරුණෑගල මලියදේව බාලිකාවේ උත්සව සභාවට අවතීර්ණ වුහ.
 සහෝදරයෝ
සභාවේ අසුන්ගන්නාවිට ජනාධිපති පැවසුයේ මම මෙහෙම කරේ මේ දෙන්නව එකතු කරන්න. බොරු දේවල්වලට මොකටද මේ සහෝදරයෝ තරහ වෙලා ඉන්නේ යනුවෙනි. එහිදී අකිල විරාජ් අමාත්‍යවරයා තමාගේ කතාවේදී අපේ ක්‍රීඩා අමාත්‍යතුමා යනුවෙන් ආමන්ත්‍රණය කිරීමද පිටව යද්දී දෙදෙනාම උකුළු මුකුළු කරමින් පිටවීයාමද රැස්ව සිටි ජනතාවගේ පුදුමයට හේතුවිය.
 12322482_10153676720911327_3714307793192078717_o
කුරුණෑගල දිස්ත්‍රික්කයේ කාලයක් පුරා පැවති දයාසිරි අකිල ගැටුම මෙසේ නිමාවට පත්වෙද්දී  මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ එහෙනම් අද ඉඳන් දයාසිරිටත් දෙයියන්ගේම පිහිටයි යනුවෙන් පාර්ලිමේන්තුවේදී පවසා ඇත.
මහින්දානන්දගේ ප්‍රකාශයට විරුද්ධව අකිල පවසා ඇත්තේ හරි හරි ඒක අපේ වැඩක් අපි ඒක බලාගන්නම් යනුවෙනි. එයට එක්වූ දයාසිරි ඇමැතිවරයාද මහින්දානන්ද මන්ත්‍රීවරයාට ඔබතුමා ලස්සනට කතා නිර්මාණය කරන්න දන්නවනේ. නමුත් ඉදිරියට අපි දෙන්නා ක්‍රීඩාව සහ අධ්‍යාපනය එකට කරගෙන යන්නේ කොහොමද කියන එක සාකච්ඡා කරලා සමගියෙන් ඒ වැඩ කටයුතු කරගෙන යනවා යැයි පවසා ඇත.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.