‘කාන්තාව’ එදා සහ අද

54‘කාන්තාව’ එදා සහ අද 

අද ජාත්‍යන්තර කාන්තා දිනයයි.

කාන්තාවන් සැමරීමට දිනයක් අවශ්‍යද නැතිද යන්නත් ඒ සඳහා එක දිනයක් ඇතිද මදිද යන්නත් කතා කිරීම පසකින් තබා අප අතීත කාන්තාව හා වර්තමාන කාන්තාව පිළිබඳව මොහොතක් විමසා බලමු.

ශිෂ්ටාචාර ගත වීමෙන් පසු කාලීන කාන්තාව යනු හුදෙක් ගෙදර ස්වාමියාගේ සියලු සැප පහසු සලසා දරු මල්ලන් හදා වඩා ගනිමින් නිවසට මුළු ගැන්වූ අයෙකු විය.

රූප සම්පත්තිය ඇති කාන්තාවෝ රජවරුන්ගේ අන්තක්පුර වලට ගාල් වූ අතර සෙසු අයවලුන්ට සමාජයේ එතරම් පිළිගැනීමක් ලැබුනේ නැත.

කාන්තාවට නිසි ගෞරවය ලබාදීම පිලිබඳ අවධානය යොමු කිරීමේදී එහි නොමද ගෞරවය හිමිකරගනු ලබන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේය. නිවසට කොටු වී සිටි කාන්තාවට මග ඵල ලබා ගත හැකි බව උන්වහන්සේ පෙන්න්වාදුන් අතර එතැන් පටන් කාන්තාවට සමාජය තුල දොරටු විවරවන්නට විය.

එලෙස ආ ගමන් මගේ කාන්තාව මේ වන විට සමාජ තලයේ පිරිමින් හා උරෙන් උර ගැටී වැඩ කිරීමට හැකියාව ඇති මට්ටමකට පැමිණ ඇති අතර අද ආරක්ෂක අංශයන්හී පවා පෙරමුණ ගෙන ක්‍රියා කළහැකි කාන්තාවන් බිහිවී ඇත.

එදාට වඩා අධ්‍යාපනයක් අද ගැහැණු ළමුනට හිමිවෙන අතර යම් යම් ගැටළු කාරී තත්වයන් තිබුණිද අද වන විට කාන්තාවට එදාට වඩා  නිදහස හා ව්යිතිවසිකම් ඇත.

එසේම එදා කාන්තාව තුල තිබු විනීත බව සංයමය ඉවසීමනම්  මේ වන විට සෑහෙන දුරට ගිලිහී ගොස් තිබෙන බව පෙනේ.

එනිසාවෙන් කාන්තාවට නිසි තැන ලැබීමේදී කාන්තාවද තම ගෞරවය රක ගනිමින් කටයුතු කිරීම බෙහෙවින් වටී.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.