කාන්තා ක්‍රිකට් වෙනුවෙන් වියදම් කරන මුදල් වලට සාධාරණක් ඉටුවේද ?

women-cricketශ්‍රී ලංකාවේ කාන්තා ක්‍රිකට් කණ්ඩායම මේ දිනවල නොමදව පරාජයේ තිත්ත කසායේ රස විදිමින් සිටිති. ඔවුන් ඔස්ට්‍රේලියාවේදී පැවත් වූ තරඟ වාර පහකින්ම පරාජයට පත් වුහ. මේ පරාජයට පත් වීමත් සමග මෙම කාන්තා ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් වියදම් කරන මුදල් වලට සාධාරණක් ඉටුවේද යන ප්‍රශ්නය මතුවී තිබේ. මෙම තරඟය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රුපියල් දශ ලක්ෂ පනහකට වැඩි මුදලක් වැය කොට ඇත. දඹුල්ලේ පැවති පළමු එක්දින තරඟයෙන් ශ්‍රී ලංකා පිළ කඩුලු හතරක පරාජයක් ලැබූ අතර ශ්‍රී ලංකා පිළ එහිදී පළමුවෙන්ම පන්දුවට පහර දෙමින් ලකුණු 76ට දැවී ගියේය.

අංක නවය පිතිකාරිය ලෙස ඉනෝකා රණවීර රැස් කල ලකුණු 32 හා අතිරේක ලකුණ 16 නොවන්නට මේ පරාජය තවත් බිහිසුණු වනු ඇත. ශ්‍රී ලංකා පිලේ ප්‍රබලතම පිතිකාරිය වන චමරි අතපත්තු මේ තරඟාවලිය පුරාම ලකුණු අතරට ඒමට අපොහොසත් වීම පරාජයට ප්‍රධාන හේතුව බවට ක්‍රිකට් විචාරකයෝ පෙන්වා දෙති. ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම පසුගිය කාලයේ ලැබූ ජයග්‍රහණ වලින් 90% පමණ චමරි අතපත්තු ගේ පිති හරඹය නිසා ලබාගත් ජයග්‍රහණයන්ය. ශ්‍රී ලංකා පිලේ නිත්‍ය නායිකා ශෂිකලා සිරිවර්ධන ආබාධයකට ලක්ව සිටීම නිසා ඔස්ට්‍රේලියානු සංචාරය අහිමි වූ අතර ලබන මස එංගලන්තයට එරෙහිව පැවැත්වෙන තරංගාවලියට ඇය සහභාගී වීමට ඉඩ තිබේ. දැනට කණ්ඩායමේ සිටින ජේෂ්ඨ ක්‍රීඩිකාවන් වන චමරි පොල්ගම්පල, දිලානි මනෝදර, ඒෂානි ලොකුසූරිය, උදේශිකා ප්‍රබෝදිනි වැනි ක්‍රීඩිකාවන් තව දුරටත් කණ්ඩායමේ සිටිය යුතුද නැද්ද යන්න ප්‍රශ්නය මතුවී තිබේ. මෙම ක්‍රීඩිකාවන් විශ්‍රාම ගන්වා නව ක්‍රීඩිකාවන් කණ්ඩායමට එක් කිරීමේ කාලය එළඹ ඇතැයි විචාරකයෝ පෙන්වා දෙති. ශ්‍රී ලංකාවේ කාන්තා ක්‍රිකට් කණ්ඩායමට දැන් වසර තිහක් පමණ කාලයක් ගෙවී ඇතත් ඔවුන් මේ කාලය තුලදී ලබාගෙන තිබෙන ප්‍රගතිය පිලිබදව සැහීමකට පත්විය හැකිද යන ප්‍රශ්නය මතුවී තිබේ. ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ආයතනය තුලද ක්‍රිකට් බලධාරිනියන් කිහිප දෙනෙක් සිටියත් ඔවුන් තමන්ගේ කාර්ය මැනවින් ඉටු කරන්නේද යන ප්‍රශ්නය නැවත විමසා බැලිය යුතුව ඇත.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.