කාර්යාල සේවකයිනට තමන් වැඩ කරන වේලාව තීරණය කිරීමට අවස්ථාව…………

office-workerප‍්‍රවාහන තදබදය මැඩලීම සඳහා බත්තරමුල්ල ප‍්‍රදේශයේ පැවති කාර්යාල ගණනාවකම සේවකයින්ට නම්‍යශීලී ලෙස තම වැඩ කරන වේලාව තීරණය කිරීමට ඉඩ දී ඇත. මෙගා පොලිස් හා බටහිර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් නිහාල් රූපසිංහ පැවසූ පරිදි සේවකයින් හට උදේ 7ත් 10 අතර වේලාවන් හීදී සේවයට වාර්තා කල හැකිය. තමන් සේවයට වාර්තා කරන වේලාව අනුව හැන්දෑවේ 3 සිට 6 දක්වා කාලය තුල නික්ම යා හැකිය. දැනට බොහෝ රජයේ ආයතන වල සේවා වේලාව වන්නේ උදේ 8.30 සිට  සවස 4.30 දක්වාය. කෙසේ වෙතත් ජනතාවට වන ගැටළු අවම කිරීම සඳහා උදේ 10 සිට 3 දක්වා කාලය තුලදී සම්පූර්ණ සේවක සංඛ්‍යාව කාර්යාලයේ රැදී සිටිය යුතුය.

බත්තරමුල්ල ප‍්‍රදේශයේ මේ වන විට රජයේ දෙපාර්තමේන්තු ගණනාවක් කි‍්‍රයාත්මක වේ. ඒ අතර නිවාස දෙපාර්තමේන්තුව, මහා මාර්ග අමාත්‍යාංශය, වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව, පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, විභාග දෙපාර්තමේන්තුව සහ මාර්ග සංවර්ධන අධිකාරියවේ.

මේ ප‍්‍රදේශයේ  දළ වශයෙන් පුද්ගලයින් 350,000 ක් පමණ සේවය කරන බවයි වාර්තා වන්නේ. මුලදී මෙම ක‍්‍රමය බත්තරමුල්ල ප‍්‍රදේශයේ කාර්යාල වලට හඳුන්වා දී පසුව කොළඹ අනෙකුත් කාර්යාල වලටත් හඳුන්වාදීමට අදහස් කරන බවයි රජයේ ආරංචි මාර්ග පවසන්නේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.