කැලණි ගඟට වස මුසුවීම නවත්වන්නේ නැද්ද?……………

kelani-riverකොළඹට ජලය සපයන ප්‍රධාන ජල සැපයුම් මාර්ගයක් වන්නේ කැළණි ගඟයි. දිගින් දිගටම කැළණි ගඟට අපද්‍රවය මුදා හැරීමේ හේතුවෙන් එහි ජලය භාවිතයට නුසුදුසු වෙමින් පවතී. කැළණි ගඟේ ජලය දැඩි ලෙස අපවිත්‍රවීමේ අවදානම් තත්ත්වයක් මතු වී ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. එහි රසායනාගාර නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එච්.ඒ.කේ. අමරකෝන් මහතා ප්‍රකාශ කළේ කැළණි ගඟ මිටියාවතේ කර්මාන්ත ශාලා 4000ක් පමණ ඇති බව යි. මේ කර්මාන්තා ශාලා වල ජලය පිරිසුදු කොට ගඟට එක්කිරීම සිදුකළ යුතු වුවත් එම ක්‍රියාවලිය නිසි ලෙස සිදු නොවන බවක් පෙනෙන්නට තිබේ

තත්වය පාලනය කිරීම

පවතින තත්ත්වය මත ඉදිරියේදී ජලය බෙදා හැරීමේ කටයුතුවලට බාධා එල්ල වීමට පෙර තත්වය පාලනය කිරීමේ වගකීම පැවරෙන්නේ මධ්‍යම පරිසර අධිකරියටයි. අහිතකර මිනිස් ක්‍රියාකාරකම් වළක්වා ගැනීමට කටයුතු නොකළහොත් ඉදිරියේදී කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල ජනතාවට උග්‍ර ජල ගැටළුවකට මුහුණදීමට සිදුවෙනු ඇත.

සොබාදම් අධ්‍යයන මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක,පරිසරවේදී රවීන්ද්‍ර කාරියවසම් කියා සිටින්නේ කැළණි ගඟට ඉහළ මට්ටමක ආසනික් මුසුවී ඇති බවයි. පිළිගත් ප්‍රමාණයට වඩා කැලණි ගඟේ ජලයට ආසනික් මුසු වී ඇති බවට පළවෙන වාර්තා ප්‍රතික්ෂේප කරන බව ශ්‍රී ලංකා ජාතික ජල සම්පාදන සහ ජලාපවාහන මණ්ඩලය මීට පෙර කියා සිටියේය. මධ්‍යම පාරිසරික අධිකාරිය විසින් අනුමත පර්යේෂණාගාර වලදී සිදු කරන ලද දිගුකාලීන පර්යේෂණවලට අනුව වතුර ලීටරයකට මයික්‍රෝ ග්‍රෑම් හතරක ආසනික් ප්‍රමාණයක් හමු වූ බව කාරියවසම් පැවසුවේය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.