කෑගලු පුර අභිමානයේ 74 වන සමරුව

කාගලු විද්‍යාලය සිය 74 වන සැමරුම් දිනය හෙට(පෙබ:14) සමරනු ලබයි. මේ ඒ වෙනුවෙන් Lanka News Line තබන කෙටි සටහනකි.
KEGALU-VIDYALAYA

සබරගමුව පළාතේ ප්‍රමුඛ පෙළේ බෞද්ධ පිරිමි පාසලක් ලෙස හදුන්වා දිය හැකි පාසලක් වන කෑගලු විද්‍යාලය දිවයිනේ ජාතික පාසල් අතර ඉහලින්ම සිය නාමය රඳවා ගත් පාසලක් ලෙස ද සඳහන් කල යුතුය.

සිංහල බෞද්ධයන්ගේ අධ්‍යාපනික මට්ටම ඉහල නංවනු වස් කොළඹ ආනන්ද විදුහලේ ශාකාවක් ලෙස 1942 පෙබරවාරි 14 වෙනි දින කෑගලු උසස් බෞද්ධ ඉංග්‍රීසි පාසැල නමින් ආරම්බ වන්නේ ඒ. එෆ්. මොලමුරේ මහතාගේ ප්‍රධානත්වයෙනි. එහි පළමු විදුහල්පතිවරයා කේ. එල්. වී. මෙන්ඩිස් මහතාය.
12313814_783026601826416_1267215889211441252_n

මනරම් කදු යායකින් වට වූ කුඩා කඳු ගැටයක් මත කෑගලු පුරවරයේ හදවත පිහිටා ඇත. සිසුන් 3000 කට අධික සිසු පිරිසකට සෙවන සාදමින් ලංකා මෑණියන්ට විශ්ශිටයෝ දායාද කරන්නට මේ විදුහලේ අධ්‍යන අනධ්‍යන කාර්ය මණ්ඩලය දරන්නේ අපිරිමිත උත්සහයකි.
හමුදාපතිවරුන් , අධ්‍යාපන ඇමතිවරුන්, සංගීතඥයින්, ක්‍රීඩකයින් රැසක් මව් බිමට දායාද කල පාසලක් වශයෙන් හදුන්වා දිය හැකිවා සේම මෙවර දකුණු ආසියානු තරගාවලියේ හෙල්ල විසික් කිරීමේ රිදී පදක්කම් ලාභියද විද්‍යාලීය ආදී ශිෂයෙක් වීම ඊට මෑත අතීතයේ හොදම නිදසුනයි.
1689471_654563574599783_719726493_n

11050095_589714591163630_3791730674880634374_n
විද්‍යාලීය 74වංඅ සමරු දිනය සිහිපත් කරමින් දැවැන්ත පා ගමනක් ලබන 21 වෙනිදා කෑගල්ල නගරයේදී පැවැත්වීමටද මේ වෙන විට සියලු කටයුතු සුදානම් කර තිබේ. මේ ඒ වේනුවෙන් විද්‍යාලීය පුතනුවන් විසින්ම නිර්මාණය කරන ලද තේමා ගීතයයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.