කිරි නොදුන් නිසා සැමියා උරණ වෙලා

kegalleකෑගල්ල ප්‍රදේශයේ 48 හැවිරිදි දෙදරු මවකට පෙදරේරු කර්මාන්තයේ යෙදෙන ඇගේ සැමියා විසින් ගෙල මිරිකා රෝහලට ඇතුලත් කර ඇත.

ඊට හේතුව වී ඇත්තේ උදෑසන අවදි වී කිරි කෝප්පය සාදා ලඟට ගෙනත්  නොදීමයි.

බිරිඳ ඔහුට එලෙස සලකා ඇත්තේ පෙර දින රාත්‍රියේ සැමියා පහර දී ඇති නිසයි.

මෙම සැමියා විසින් මත්පැන පානය කර නිවසට පැමිණ බිරිඳට තර්ජනය කරන බව වාර්තා වෙනවා .

උදෑසන අවදි වූ පසු කිරි කෝප්පය ලබා දෙන ලෙස ඉල්ලූ විට බිරිඳ විසින් පවසා ඇත්තේ තමන්ට අරක්කු පොවන පුද්ගලයාගේ බිරිඳගෙන් ඉල්ලා ගන්නා ලෙසයි.එයට උරණ වූ සැමියා ඇගේ ගෙල මිරිකා ඇත.

කෙසේ වුව ද ඇය කෑගල්ල රෝහලට ඇතුලත් කල බව පොලිසිය පවසයි.

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.