කිලාලි බෝම්බ පිපිරීමෙන් එක් අයෙක් මරුට

Bomb Blast - Jaffna Kilaliදිනසේන රතුගමගේ
යාපනය, පලෙයි, කිලාලි ප‍්‍රදේශයේදි ඊයේ දහවල් (23) බෝම්බයක් පිපිරීමෙන් එක් අයෙකු මරුමුවට පත්ව තවත් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ. පලෙයි පොලිසිය පැවසූවේ යාපනය, පලෙයි, කිලාලි ප‍්‍රදේශයේ බිම්බෝම්බ ඉවත් නොකළ සීමාව වෙත ඇතුළු වි ඇති පුද්ගලයින් දෙදෙනෙකු බිම් බෝම්බයකට හසුව ඇති බවයි.

බිම් බෝම්බයට හසුවීම හේතුවෙන් පලෙයි, ආර්තිනගර් ප‍්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි පුද්ගලයෙකු වන කරුපයියා රාජා නමැත්තෙකු ජිවිතක්ෂයට පත්ව ඇති අතර, පලෙයි සෙල්වපුරම් ප‍්‍රදේශයේ පදිංචි බාලසුබ‍්‍රමනියම් බහිදරන් නැමති පුනරුත්තාපනය ලද එල් ටි ටි සාමාජිකයෙකු තුවාල ලබා ඇති බැව්ද පොලිසිය පැවසීය.

පොලිසිය පැවසූවේ තුවාලකරු යාපනය රෝහලට ඇතුළත් කොට ඇති අතර, මියගිය පුද්ගලයාගේ සිරුර බ්ම් බෝම්බ නිශ්ක‍්‍රීය අංශවල සහයෝගය යටතේ බිම් බෝම්බ සීමාවෙන් එපිටට ගැනීමට කටයුතු කරමින් සිටින බවයි. සිද්ධිය සම්බන්ධයෙන් පලෙයි පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.