කුමාර් ගුණරත්නම් අත්අඩංගුවට

KumarGunatarnam_CI

ආගමන විගමන නීති කඩ කිරීම පිළිබද චෝදනාවකට කුමාර් ගුණරත්නම් කෑගල්ල අඟුරුවැල්ලේදී අත් අඩංගුවට ගෙන තිබේ.දැනට විශ්ව විද්‍යාල වලට සම්බන්ධ කලබලකාරී තත්වයන්ට ඔහු නායකත්වය දෙන පෙරටුගාමී පක්ෂය සම්බන්ධ වී සිටීද යන්න පිළිබඳව පොලීසිය විමර්ශන පවත්වමින් සිටී.

ඔහුගේ මවගේ නිවසේ සිටියදී ගුණරත්නම් අත්අඩංගුවට ගත් බවත් ඔහු ආගමන විගමන දෙපාර්තමේන්තුවට බාරදීමට නියමිත බවත් පොලිසිය පවසයි.
වීසා නොමැතිව ශ්‍රී ලංකාවේ රැඳී සිටීම සම්බන්ධයෙන් ඔහු චෝදනා ලබාසිටියේය. ඔහු ඕස්ට්‍රේලියා පුරවැසියෙකි.
පෙරටුගාමී පක්ෂයේ මධ්‍යම කාරක සභික ප්‍රේමකුමාර් ගුණරත්නම් 2015 ජනවාරි 1 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණි බවත් ඉන්පසුව ඔහු සොයාගැනීමට නොහැකිවූ බවත් ඕස්ට්‍රේලියා විදේශ ගමන් බලපත්‍රයකින් 2011 සැප්තැම්බරයේදී නොයෙල් මුදලිගේ නමින් ඔහු ශ්‍රී ලංකාවට පැමිණ ඇතැයිද ශ්‍රී ලංකාවේ වීසා නීති උල්ලංඝනය කළැයි ඔහු ඕස්ට්‍රේලියාවට පිටුවහල් කළේය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.