කුසල් ඇනබොලික් ස්ටීරොයිඞ් ගත්තාද?

LONDON, ENGLAND - MAY 19: Kusal Perera of Sri Lanka poses for a headshot during the Sri Lanka nets session at The Kia Oval on May 19, 2014 in London, England. (Photo by Tom Shaw/Getty Images)

 

තහනම් උත්තේජක චෝදනාවට ලක්ව සිටින කුසල් ජනිත් පෙරේරා ලබා ගත් ඖෂධයේ අඩංගු සංඝටක පිළිබඳ වැදගත් තොරතුරු රැසක් අනාවරණ වී තිබෙනවා. ඇනබොලික් ස්ටීරොයිඞ් නමැති සංඝටකය කුසල්ට ශරීරගත වී ඇති බවයි ජාතික උත්තේජක මර්ධන නියෝජිත ආයතනය පැවසුවේ.

 

එහි සභාපති මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා  කියා සිටියේ තහනම් උත්තේක නිවාරණ නීතිරීතිවලට අනුව ඇනබොලික් ස්ටීරොයිඞ් සංඝටකය ශරීරගත වී තිබීම බරපතල තත්වයක් බවයි. මෙම තත්වය හේතුවෙන් අදාළ කී‍්‍රඩකයාට වසර 4ක තරග තහනමක් පැනවීමේ හැකියාවක් පවතින බවද මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා වැඩිදුරටත් කියා සිටියා.

 

කෙසේ වෙතත් මෙම ඖෂධය කුසල් ලබා ගත්තේ කෙසේ දැයි සොයා බැලිය යුතු බවද එ් මහතා සඳහන් කළා.

 

“සාමාන්‍යයෙන් බොඩි බිල්ඩර්ලා බර උස්සන කට්ටිය පාවිච්චි කරන ඇනබොලික් ස්ටීරොයිඞ් කියන එකක් තමයි. හරියට කෙමිකල් එක බලන්න ඕනේ මොකද සමහර ඒවා පෙති විතරයි, සමහර ඒවා ඉන්ජෙන්ෂන් විතරයි, ඉන්ජෙන්ෂන් විතර එකක්නම් ඒක බොහොම දරුණු තතත්වයක් වෙනවා. මොකද නොදැනුවත්ව ඉන්ජෙන්ෂන් එකක් දෙන්න විදිහක් නැනේ. හැබැයි ඒ පෙත්තක්නම් අපිට හිතන්න පුළුවන්  නොදැනුවත්ව කවුරුහරි සාදයකදී ඩ්‍රින්ක් එකකට දාන්න පුළුවන් එහෙම අවස්ථාවන් තිබිලා තියෙනවා. අනිවාර්යෙන් බේරගන්න ඕනේ. මොකද වර්ල්ඩ් කප් එකට මාස තුනක් තියෙන්නේ. ඉතින් මාත් විශ්වාස කරනවා ඒක ඕනෙ කමින් ගත්ත එකක් නෙමෙයි කියලා”.

 

නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ උසස් නිළධාරියෙකු පැවසුවේ කුසල්ගේ පාදයක් කූඩැල්ලෙකු විසින් සපා කෑම හේතුවෙන් මෙම ඖෂධය ලබා ගෙන ඇති බවයි. මේවන විට නවසීලන්තයට ගොස් සිටින කුසල් දිවයිනට පැමිණි වහාම ඔහු ලබා ගත් ඖෂධ සහ ආහාර පාන සම්බන්ධයෙන් විමසා බලන බවයි ක‍්‍රිකට් ආයතනයේ උසස් නිළධාරියා  කියා සිටියේ.

 

මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු වන මහේල ජයවර්ධනද සිය නිල ට්විටර් ගිණුම ඔස්සේ ප‍්‍රතිචාර දක්වා තිබෙනවා. මහේල පවසන්නේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් කුසල් ජනිත්ට සම්පූර්ණයෙන්ම චෝදනා නොකළ යුතු බවයි. විධිමත් පරීක්ෂණයකින් අනතුරුව සැබෑ තොරතුරු තහවුරු කර ගත හැකිවනු ඇති බවද මහේල පෙන්වා දෙනවා. මෙම සිදුවීමේදී වැරදිකරු ලෙස කුසල්ට තුවක්කුව දිගු නොකළ යුතු බවයි මහේල සිය ට්විටර් පණිවුඩයෙන් දන්වා ඇත්තේ.

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.