කොටි කොඩිය එසවීම උතුරේ මහ ඇමතිවරයා ලන්ඩනයේදී ප‍්‍රතික්ෂේප කරයි…………

vignashwaran-in-londonබි‍්‍රතාන්‍ය තහනම් කල සංවිධානයක් වන දෙමළ සම්බන්ධිකරණ කමිටුවේ රැුස්වීමක් සඳහා ලන්ඩනයේ හරෝ නගරයට ගිය  උතුරේ මහ ඇමති සී. වී. විග්නේෂ්වරන් කියා සිටියේ තමන්ට එම කොඩිය එසවිය නොහැකි බවයි. ඉන් අනතුරුව රැස්වීම ඇමතූ මහ ඇමතිවරයා කියා සිටියේ දෙමළ ජනතාව ආක‍්‍රමණශීලී වීමෙන් සහ ඉදිරිපත් කරන සෑම විකල්ප යෝජනාවකටම විරුද්ධ වීමේ පුරුද්ද අත්හැර ගත යුතු බවයි. උතුරේ ජනතාවගේ ඉඩම් අත්පත් කර ගැනීම තැන් තැන් වල හමුදාවේ සහය ඇතිව බෞද්ධ විහාරස්ථාන ගොඩනැංවීම සහ ප‍්‍රදේශයට පිටතින් පැමිණෙන vigneshwaran-3ධීවරයින් හමුදාවේ සහය ඇතිව ප‍්‍රදේශයේ ජනතාවට ධීවර සම්පත් අහිමි කිරීම වැනි කරුණු දැනට උතුරේ සංවර්ධනයට බාධාවක් වී තිබෙන බවයි මහඇමතිවරයා පැවසුවේ. විදේශගත දෙමළ ජනතාව ශී‍්‍ර ලංකාවේ ව්‍යාපෘති වල ආයෝජනය කල යුතු බව අමාත්‍යවරයා පැවසුවේය. කෙසේ වෙතත් දේශීය වශයෙන් මෙම විදේශ මුදල් ලබා ගැනීමේදී තමන්ට ආණ්ඩුකාර වරයාගෙන් බාධා පැමිණ තිබෙන බව මහ ඇමතිවරයා පෙන්වා දුන්නේය.

vigneshwaran-2

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.