කොදෙව් නායකයා ඉන්දීය කණ්ඩායම ගැන කියූ දේ

darrenවිස්සයි විස්ස ලෝක කුසලානයේ අද පැවැත්වෙන ඉන්දියාව සහ බටහිර ඉන්දීය කොදෙව්වන් අතර දෙවන අවසන් පුර්ව තරගය පිලිබඳ අදහස් දැක්වූ කොදෙව් නායක ඩැරන් සැමී පවසන්නේ ඉන්දියාවට එරෙහි තරගයේ විශේෂත්වයක් නොදකින බවත් තම සංචිතයේ සියලු ක්‍රීඩකයන් හා නිලධාරීන් එකම කණ්ඩායමක් ලෙස එකම අරමුණක ක්‍රීඩා කරන බවය.

මාධ්‍යවේදීන්ගේ පැනයකට පිළිතුරු දුන් ඩැරන් සැමී, කොදෙව් කණ්ඩායමට ආවේනික අයුරින් ක්‍රීඩා කරන බවත් ඉන්දියාවේදී ඉන්දියාවට එරෙහිව ක්‍රීඩා කරන විට එකම ප්‍රේක්ෂකයෙක් හෝ තම කණ්ඩායමට සහය නොදැක්වුව ද එම අභියෝගයට මුහුණ දෙමින් ක්‍රීඩා කරන බව කියා සිටියේය.

මෙම තරගාවලියේ ඉදිරියට පැමිණීමේ දී බාධක රැසකට මුහුණ දුන් නමුත්  සියලු බාධක තමා විසින් ඉවත් කරමින් ඉන්දියාවට මුහුණ දෙන බව පැවසීය.

තව ද මෙම තරගාවලියේ මෙතෙක් කතා නොකළ කනගාටුදායක සිදුවීම් රැසක් පවතින බව ද ඔහු පවසයි.

ඉන්දීය ක්‍රීඩක විරාත් කෝලි පිලිබඳ මාධ්‍යවේදියෙකු ඇසු විට ඩැරන් සැමී පැවසුවේ තම කණ්ඩායමේ ක්‍රිස් ගේල් ද එවැනි දක්ෂතා සපිරි ක්‍රීඩකයෙකු බවයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.