කොලොම්පුරේ ශ්‍රියා – මීයෝ

ratsසොබාදහම අපට ජීවය මෙන්ම උවදුරුද රැගෙන එයි.එබැවින් සොබාදහමට වට බැඳිය නොහැකි බවට කතාවක් වෙයි.සොබාදහම අප වෙත උවදුරු රැගෙන එන්නේ අපේම වරදිනි.මේ ඒ පිලිබඳව කෙරෙන සටහනක්නම් නොවේ.අප විසින්ම සොයා ගත කරේ දමා ගත් උවදුරක් ගැන මේ දිනවල කතා බහට ලක්ව තිබේ.ඒ මී උවදුරයි.

කොළඹ වරාය, මැනිං වෙළඳපොල ආශ්‍රිත ප්‍රදේශය, මරදාන, බොරැල්ල, වැල්ලවත්ත යන ප්‍රදේශයන් මෙම මී ගහනයේ ඉහළ වර්ධනයක් පෙන්නුම් කරයි.එම ප්‍රදේශ ජනාකීර්ණ සමාජ ආර්ථික ගැටළුවක් මුල් කරගනිමින් මෙම තත්වය උද්ගතව ඇති බවට හඳුනාගෙන ඇත.රටේ සෙසු ප්‍රදේශ වලට වඩා කොළඹ නගරය අවට ප්‍රදේශයන්හි මී උවදුර වාර්තා වීමත් සුබදායක කාරණයක් නොවේ.එහෙයින් මෙම ප්‍රදේශ වල මීයන් පුර්ණ මර්ධනයක් කල නොහැකි වුවත් මීයන් බෝවීම හැකි උපරිමෙන් අවම කරගත යුතු වේ.එය රටේ අනාගතයට ද බලපාන කරුණකි.මක්නිසා ද මීයන්ගේ ප්‍රමාණාත්මක අඩු වැඩි වීම රටේ සනීපාරක්ෂාව පිලිබඳ දර්ශකයක් වන හෙයිනි.එහෙයින් අද හෙටම මී උවදුර පාලනය කර ගත යුතු වේ.

සියල්ලටම ප්‍රථමයෙන් ප්‍රශ්නය හඳුනා ගත යුතුය.මී ගහනය වර්ධනය වුයේ කෙසේද යන්න පිලිබඳ විමසීමක් කල යුතු වෙයි.ඒ පිලිබඳ මාධ්‍යට අදහස් දක්වමින් කොළඹ මහනගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී රුවන් විජේමුණි මහතා සඳහන් කලේ ඝන අප ද්‍රව්‍ය කළමනාකරණයේ පවත්නා දුර්වලතා හේතුවෙන් මෙවන් තත්වයක් උද්ගතව ඇති බවයි.

“මීයන් බෝවීමට වැඩියෙන් බලපාලා තුන්නේ මිනිස්සුන්ගේ චර්යා රටාවම තමයි.මොකද අපි හොඳින්ම දකිනවා කොළඹ සහ ඒ අවට ප්‍රදේශ වල ජීවන තත්වයත් පරිසරය නඩත්තු කරන ආකාරයත් කොහොමද කියල.විශේෂයෙන් අපි භාවිතයෙන් ඉවතට දමන අහ්හර එහෙම දවස් ගණන් නරක වෙමින් තිබෙනවා.ඒ විටරක් නෙමෙයි ඒවා බාහිර සමාජයට මුදා හැරලා.අප ද්‍රව්‍ය බහාලන බඳුන් පවා හොඳ තත්වයේ ඒවා නොවෙයි.ඒ බඳුන් පවා සිදුරු කරගෙන තම මීයෝ ඇතුල් වෙන්නේ.මීයන්ටත් අපිට වගේම හොඳ කෑම කන්න ඕනේ.ඒ මිසා උනුත් කෑම හොයනවා.අපි ඉහතින් සඳහන් කල ප්‍රදේශ වල ඉවතලන අහ්හර වර්ගත් යහමින් තියෙනව.ඉතින් මීයන්ට කිසිම අඩුපාඩුවක් නෑ.උන් පහසුවෙන් බෝ වෙනවා.ඒ නිසා මුලිකව බලපාලා තියෙන්නේ ඝන අපද්‍රව්‍ය කළමනාකරණයේ පවතීන දුර්වලතා. “

අපගේ අත්දැකීමට අනුව කොළඹ නගරයේ බොරැල්ල,මරදාන, පිටකොටුව වැනි ප්‍රදේශයන්හි අඩු ආදායම් පැල්පත් නිවාස , මහල් නිවාස , රජයේ හා පෞද්ගලික ආයතන වලින් දිනකට සැලකිය යුතු ප්‍රමාණයකින් අප ද්‍රව්‍ය බැහැර කෙරේ.එය ටොන් ගණනක් දක්වා ඉහළ යන්නේ කාටත් නොදැනීමය.ඒ සමගම මේ ප්‍රදේශ වලින් වහනය වන දුඟද ඊට කදිම සාක්ෂියකි.කෙසේ හෝ කොළඹ නගරය හා ඒ ආශ්‍රිතව කුණුත් සමග මිනිසුන් ද ජීවත් වෙති.මේ තරගයට දැන් මීයොත් පැමිණෙති.කුණු දකින විට මීයන්ට රජ මගුල්ය.උන්ට මගුල් වුවාට අපට එය අවමගුලක් බවට හැගෙද්දී පෙරහැර ගොස් අවසන්ය.

” මෙතන තියෙන ප්‍රධානම කාරණයක් තමයි පසුගිය කාලයේ මී උන රෝගීන් වර්ධනය.2013 වසරේ දී මී උන රෝගීන් 9 දෙනෙක් වාර්තා වෙලා.2014 දී එය 12 ක් ද 2015 දී 12ක් ද වාර්තා වුනා.මේ අවුරුද්දේ ගෙවුණු මාස 2 ට රෝගීන් 7ක් හමුවෙලා තියෙනවා.මේ බරපතල කාරණයක්.මහාමාරිය,ජලභීතිකාව,පිටගැස්ම වගේ රෝග දක්වාම මේක ප්‍රශ්නයක් වෙන්න පුළුවන්.ඒ නිසා අනිවාර්යා කාරණයක් විදිහට සලකල මීයන් මර්ධනය කරන්න වෙනවා. “

වෛද්‍ය විජේමුණි මහතා එලෙස සඳහන් කලේ මී උවදුරේ පවත්නා බරපතලකම පෙන්වා දෙමිනි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.