කොළඹ ඩෙංගුවලින් අංක එකට

ඉකුත් සැප්තැම්බර් හා ඔක්‌තෝබර් යන මාස දෙක තුළදී දිවයිනෙන් ඩෙංගු රෝගීන් 2882 දෙනෙකු වාර්තාවී ඇතැයි වසංගත රෝග අංශය පවසයි. සැප්තැම්බර් මාසය තුළදී ඩෙංගු රෝගීන් 1089 දෙනෙකුද, ඔක්‌තෝබර් මාසය තුළ ඩෙංගු රෝගීන් 1493 දෙනෙකුද මේ යටතේ වාර්තා වී තිබේ.

මෙම වසර තුළද මෙතෙක්‌ දිවයිනෙන් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 22,669 දෙනෙකු වන අතර මෙම රෝගීන්ගෙන් 7325 ක්‌ වාර්තාවී ඇත්තේ කොළඹ දිස්‌ත්‍රික්‌කයෙනි.

මේ අතර මෙම දිනවල දිවයින පුරා පවතින කඩින් කඩ වර්ෂාව හේතුවෙන් ඩෙංගු රෝගය ශීඝ්‍රයෙන් පැතිර යැමේ අවදානමක්‌ පැවැතීම නිසා තම නිවස හා ගෙවත්ත අවට ඩෙංගු මදුරුවන් බෝවිය හැකි ස්‌ථාන ශුද්ධ පවිත්‍ර කර අවට පරිසරය පිරිසිදුව තබා ගන්නැයි මහජනතාවගෙන් ඉල්ලීම් කෙරේ.-ඒමන්ති මාරඹේ-දිවයින

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.