කෝප් කමිටුවේ තීරණාත්මක ඡන්ද දෙමළ ජාතික සන්ධනයෙන්………….

cope-committeeමහ බැංකු බැඳුම්කර වංචාවක් සම්බන්ධයෙන් හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සෘජුවම වගකිවයුතු යැයි කියවෙන මතභේදාත්මක කෝප් වාර්තාව සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ මන්තී‍්‍ර වරුන් කියා සිටින්නේ තමන්ට මෙයට එකඟ විය නොහැකි බවයි. මේ නිසා කෝප් කමිටුවේ සභාපති සුනිල් හඳුන්නෙත්ති මන්තී‍්‍රවරයා කියා සිටියේ එක්සත් ජාතික පක්ෂ මන්තී‍්‍ර වරුන් අවසන් වාර්තාවට අනුමැතිය දීමට එකඟ නොවීම හේතුවෙන් තමන්ට වාර්තා දෙකක් ඉදිරිපත් කිරීමට සිදුවී ඇති බවයි.

ඔහු කියා සිටියේ මන්තී‍්‍රවරුන් 26දෙනා වෙන වෙනම වාර්තා ඉදිරිපත් කිරීමට තීරණය කලත් තමන්ටම ඒ වාර්තා ඉදිරිපත් කිරීමට සිදුවන බවයි. දැන් පවතින තත්ත්වය අනුව කෝප් වාර්තාව වැඩි සම්මුතියකින් යුතුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ තීරණාත්මක බලය පැවරී තිබෙන්නේ දෙමළ ජාතික සංධානයටයි. දෙමළ ජාතික සංධාන මන්තී‍්‍රවරු 4දෙනෙක් කෝප් කමිටුව නියෝජනය කරන අතර ජනතා විමුක්ති පෙරමුණේ මන්තී‍්‍රවරු 4දෙනෙක්ද ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මන්තී‍්‍රවරු 4දෙනෙක්ද, ඒකාබද්ධ විපක්ෂයේ මන්තී‍්‍රවරු 3දෙනෙක්ද, ශී‍්‍ර ලංකා මුස්ලිම් කොංග‍්‍රසයෙන් 1 මන්තී‍්‍රවරයෙක්ද එක්සත් ජාතික පක්ෂයෙන් මන්තී‍්‍රවරු 10දෙනෙක්ද මෙම කමිටුවට අයත් වෙති. මේ අවස්ථාවේදී දෙමළ ජාතික සංධානය කෙසේ ඡුන්දය පාවිච්චි කරාවිද යන්න පිළිබඳව සැකයක් පවතී.

මෙම කමිටුවට අයත් මන්තී‍්‍රවරුන් මෙසේය.
ජනතා විමුක්ති පෙරමුණ සුනිල් හඳුන්නෙත්ති (සභාපති)
රවුෆ් හකීම්, අනුර පි‍්‍රයදර්ශන යාපා, දයාසිරි ජයසේකර, රවීන්ද්‍ර සමරවීර, සුජීව සේනසිංහ, වසන්ත අළුවිහාරේ, ලසන්ත අලගියවන්න, ආචාර්ය හර්ෂ ද සිල්වා, අජිත් පී. පෙරේරා, රන්ජන් රාමනායක, අශෝක අබේසිංහ, අනුර දිසානායක, ලක්ෂ්මන් සෙනවිරත්න, චන්ද්‍රසිරි ගජධිර, විමල් රත්නායක, වීරකුමාර දිසානායක, මාවයි එස්. සේනාධිරාජා, එස්. ශී‍්‍රධරන්, එම්.එස් සුමන්තිරන්, හෙක්ටර් අප්පුහාමි, වෛද්‍ය නලින්ද ජයතිස්ස, හර්ෂණ රාජකරුණා, ඥානෝත්තු ශී‍්‍ර නේසහන්, අබ්දුල්ලා මහරුෆ් සහ මහින්දානන්ද අළුත්ගමගේ ය.

මහබැංකු අධිපතිවරයාට එරෙහිව ඉතා සවිස්තරාත්මක චෝදනා එල්ල වී තිබියදී නිතර දූෂණය පිළිබඳ කතාකරන එක්සත් ජාතික පක්ෂයේ රන්ජන් රාමනායක සහ හර්ෂ ද සිල්වා වැනි මන්තී‍්‍රවරුන් මේ අවස්ථාවේ හැසිරෙන්නේ කෙසේද යන්න පිළිබඳව ඇත්තේ දැඩි අවධානයකි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.