කෝප් ඩබල් ගේමක් – අජිත් පෙරේරා

Ajith P Pereraශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධ වංචාව පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ලවා පරීක්ෂණයක් සිදුකළ යුතු නමුත් අර්ජුන් මහේන්ද්‍රන් වංචාවට වගකිව යුතුයි කියා සෘජුව සඳහන් නැති බව බව පුනර්ජනනීය බලශක්ති හා විදුලිබල නියෝජ්‍ය ඇමැති අජිත් පී. පෙරේරා මහතා පවසයි.

”කෝප් වාර්තාවේ නිර්දේශ අතර වංචාවක් සිදුවුණා යැයි වචනයක්වත් නැහැ.. එහි තිබෙන්නේ හිටපු මහ බැංකුවේ අධ්‍යක්ෂවරයා හා අධ්‍යක්ෂවරු වගකිව යුතුයි කියා” යයි ද නියෝජ්‍ය ඇමතිවරයා පවසයි.

බණ්ඩාරගම දොඹගොඩ දී පැවැති එක්සත් ජාතික පක්ෂ සාමාජික ප්‍රවර්ධන වැඩසටහනකට එක්වෙමින් ඔහු කියා සිටියේ යූ.එන්.පී. කාරයෝ අත වැරැද්දක් නැති බවයි.

‘පර්පචුවේල් සමාගමේ හිටපු හා දැනට සිටින අධ්‍යක්ෂවරුන්ට විරුද්ධව අපරාධ නීතිය යටතේ ක්‍රියාමාර්ග ගන්න ඕනෑ කියලා මම කියන කොට කෝප් කමිටුවේ ඉන්න අපරාධවලට විරුද්ධ යැයි කියන කණ්ඩායමක් කියනවා ඒක නම් කරන්න බැහැ කියලා’. නියෝජ්‍ය ඇමතිවරයා කෝප් සගයින්ට දොස් පැවරුවේය.

පර්පචුවෙල් සමාගම අයිති මව් සමාගම ගැන පරීක්ෂණයක් කරන්න ඕනෑ කියූවිට කෝප් කමිටුවේ පිරිසක් ඊට එරහි වූ හෙයින් තමන් අපරාධ පරීක්ෂනයක් ඉල්ලා සිටින බවයි ඔහු පැවසුවේය.

පර්පචුවෙල් සමාගමේ අධ්‍යක්ෂවරු කිසිවෙක් යූ.එන්.පී.කාරයෝ නොවෙන් බවයි ඔහු කියා සිටින්නේ.

‘මේ කණ්ඩායම රාජපක්ෂගේ කාලයේ අජිත් කබ්රාල් මහ බැංකු අධිපතිවෙලා ඉන්නකොට ඔය වැඩේම කළා සුළු පරිමාණයෙන්.ඒ කාලේ කබ්රාල් මහතාගේ නංගි පර්පචුවෙල් සමාගමේ අධ්‍යක්ෂවරියක්’.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.