කෝප් සාමාජියින් සාක්කි විභාග කරන්නටත් පෙර පුවත්පත් සාකච්ඡා 15 පවත්වලා…

lakshman-kiriella-1කෝප් කමිටුවේ ඇතැම් සාමාජිකයින් බැඳුම්කර සිද්ධියට අදාළ සාක්කි විභාග කිරීමටත් පෙර  පූර්ණ නිගමනයන්හි එළඹ සිට අර්ජුන මහේන්ද්‍රන්  වැරදි කරු බවට පත්කරමින් ප්‍රවෘතිති සාකච්ඡා 15 ක් පවත්වා තිබෙන බව පාර්ලිමේන්තුවේ සභානායක, උසස් අධ්‍යාපන හා මහමාර්ග ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල   පවසයි.

මෙය විනිශ්චය කාරවරයකු තමන් අසන නඩුව සම්බන්ධව සාක්කි විභාගයට පෙර තම මතය ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වා රටට හෙළිකිරීම හා සමාන බවද ඒ මහතා කීය. මෙය ස්භාවික යුක්ති මූලධර්මයන්ට සම්පූර්ණයෙන්ම පටහැනි බවද ඔහු කීය.

රුපියල් මිලියන 60ක වියදමින් මහනුවර නගරයේ ඉදිවන උමං මාර්ගයේ ඉදිකිරීම් ආරම්භ කරමින් ඇමැතිවරයා ඊයේ (30) මෙම අදහස් ප්‍රකාශකළේය.

කෝප් කමිටුවේ ඇතැම්  සාමාජිකයින් නඩුවේ සාක්කි විභාග කිරීමට පෙර, පරීක්ෂණ පාර්ලිමේන්තුවේ ආරම්භ කරන්න කලින් ප්‍රවෘත්ති සාකච්ඡා පවත්වා අර්ජුන් මහේන්ද්‍රන් වැරදි කරුවෙකු ලෙස තීරණය කිරීම සාදාචාරාත්මක නොවන බවත් එවැනි මතයක සිටින අයට මෙම නඩුව විභාග කිරීමේ අයිතියක් නොමැති බවත් ඔහු අවධාරණය කළේය.

සිවිල් සංවිධාන කිහිපයක් බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් අර්ජුන් මහේන්ද්‍රන්ට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරූ බවත් එය දුර්වල පැමිණිල්ලක් ලෙස සලකා අධිකරණය විභාගයට නොගෙන ඉවත දැමූ බවත් පැවසූ ඇමැතිවරයා කෝප් කමිටුවේ පූර්ණ නිගමනයවලට එළඹ ක්‍රියාකළ කණ්ඩායම මෙම ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුව පිළිබඳව කිසිදු අධ්‍යනයක් සිදුකර නොමැති බවද කීවේය.

කෝප් කමිටු සාමාජිකයින් පළමුව කළ යුතුව තිබුණේ මෙම නඩුව අධ්‍යනය කිරීම බවද හෙතෙම ප්‍රකාශ කළේය.

වසරකට කෝප් වාර්තා 03 ක් බැගින් මහින්ද රාජපක්ෂ පාලන කාලය තුළ කෝප් වාර්තා 30 ක් ඉදිරිපත් වූ බවත් ඒ සියල්ල සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගනු වෙනුවට එම රජය ක‍ළේ ඒවා කුණු බක්කියට දැමීම බවත් ඇමැතිවරයා කීවේය.

කෝප් කමිටුවේ සභාපති ලෙස වරක් විජයදාස රාජපක්ෂ  කෝටි 45000 ක වංචාවක් හෙළි කළ පසු ඔහුට සිදුවූයේ සභාපති කමින් ඉල්ලා අස්වීමට බවත් පසුගිය රජය ක්‍රියාකළේ ඒ ආකාරයට බවත් ඇමතිවරයා  කීය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.