මානව හිමිකම් සභාපති වන සවුදියට ගල් ගසන්නට පුළුවන්ද?

ෆයිසල් බින් හසාන් ට්‍රාඩ් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ සභාපති තනතුරට පත් වූ අවස්ථාව
ෆයිසල් බින් හසාන් ට්‍රාඩ් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ සභාපති තනතුරට පත් වූ අවස්ථාව

 

සවූදි අරාබියේ කොළඹ තානාපති හමුවූ විදේශ ඇමති මංගල සමරවීර ගල් ගසා මරා දැමීමට නියමිත කාන්තාව ගේ දඬුවම ලිහිල් කරවීම සඳහා කරුණු ඉදිරිපත් කිරීමට අවස්ථාවක් ලබා ගන්නීම සඳහා සවුදි විදේශ ඇමතිවරයා හමුවීට අවස්ථාවක් ලබා ගැනීම සඳහා ඉලීමක් ඉදිරිපත් කොට ඇත.

මේ පිළිබඳව තවමත් ප්‍රතිචාරයක් ලැබී නැතත් ඒ පිළිබඳව සංවේදී  හැමදෙනාම තුල ගෙවෙන හැම මොහොතක් පාසා ගෙවෙන්නේ දැඩි අවිනිශ්චිත බවකිනි.

දැනට සවුදි අභියාචනා අධිකරණය මේ නඩුව විමසමින් සිටින බව කියතත් කිසිදු තොරතුරක් දැන  ගන්නට නැත .සවුදි අධිකරණය යනු  එළිපිට ක්‍රියාත්මක වන්නක් නොවේ.තානාපති නිලධාරීන්ට කල හැකි බලපෑම සිමිතය.

මෙහිදී  විදේශ ඇමති මංගල සමරවීර  හට ගමන් කිරීමට සිදුව ඇත්තේ අතුරකය.

එක අතකින් මේ කාන්තාව ගේ ජීවිතය බේරා  ගත නොහැකි  වුවාහොත් එය බලවත් රාජ්‍ය තන්ත්‍රික පරාජයක් බව ආණ්ඩුව ඇතුළෙන්ම ප්‍රකාශයට පත් වී ඇත.

අනෙක් අතට සවුදි අරාබියෙන් ලැබෙන වාර්ෂික අදායම ඩොලර් .බිලියන හතක් පමණ වේ.දෙලක්ෂ

මේ හේතුවෙන් සවුදි අරබියට එරෙහිව තීරණාත්මක ප්‍රකාශයක් කිරීම දුෂ්කරය. තුන් ලක්ෂයකට ආසන්න ශ්‍රී ලාංකිකයින් පිරිසක් එහි සේවය කරති.

සවුදි ආණ්ඩුව අමනාප කරගැනීම නිසා අභය දානයට ඇති අවස්ථාව අහිමි වී යා හැකිය යන කුකුස හේතුව අසාන්න් ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන පවා කටයුතු කරන්නේ ඉතා ප්‍රවේශමෙනි.

mangala (1)

මෙහිදී වැදගත්ම කරණය වන්නේ එකසත්  ජාතීන් ගේ මානව හිම්කම් කොමිසම් සභාපති තනතුර සවුදි අරාබිය ගැහැනුන්ට ගල් ගසා මරනවිට එක්සත් ජාතීන් ගේ සංවිධානය නිහඬව සිටීමයි

2015 සැප්තැම්බර් මාසයේදී ෆයිසල් බින් හසාන් ට්‍රාඩ් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ සභාපති තනතුරට පත් වූ විට UN Watch සංවිධානය කියා සිටියේ මුළු ලෝකයම ත්‍රස්තවාදී සංවිධානයක් සේ සලකන ඉස්ලාමීය කැරලිකරුවන් ගේ සංවිධානයට වඩා මිනිසුන්ගේ  හිස ගසාඇති සවුදි අරබියට මානව හිමිකම්  කොමිසමේ  සභාපති තනතුර භාර දීම විහිළුවක් වන බවයි .

 

මේ කාන්තාව වරද පිළිගෙන තිබීම තවත් ගැටළුවකි.

වැරදි තීරණයක්  

මෙහිදී ගත හැකි එකම ක්‍රියා මර්ගය වන්නේ ඉස්ලාම් දහම් අනුව  ගල් ගසා මර දැමීම  වැරදි තීරණයක්  බවට තර්කයක් ගොඩ නැගීමයි.

ඒ සඳහා  ශ්‍රී ලංකික ඉස්ලාම් විද්වතුන් කීප දෙනෙක් ඉදිරිපත් වී සිටීම  සැනසිල්ලට කරුණකි.

මේ තර්ක ජාත්‍යන්තර මට්ටමෙන් ඉදිරිපත් කල හැකිය .එහෙත් සවුදි ආණ්ඩුව  යුක්තිය යනු කුමක්දැයි  නිර්වචනය කර  ගන්නේ තමන්ට අවශ්‍ය ආකාරයටයි.එහෙයින් ශර්යා නීතිය පිළබඳව ඉදිරිපත් කෙරෙන වෙනත් නිර්වචන පිළිගනීද යන්න සැක  සහිතය.

අනෙක් කරුණ නම් සවුදි ආණ්ඩුව ක්‍රියාත්මක  වන්නේ හිතන්නට බැරි  විදියටය.

 

UN

ආදීනව ජනතාවට

මෙට පෙර රිසානා  නෆීක් දැරිය ගේ හිස් ගසා දැම්මෙත් රංජිත් සිල්වා,වික්ටර් කොරයා,ශාන්ත පුෂ්පකුමාර සහ සංගීත් කුමාර ගේත් හිස් ගසා දැමුවේ හදිසියේය.

මංකොල්කාම සම්බන්ධයෙන් වැරදිකරුවන් වී සිටි රන්ජිත් සිල්වා ඇතුළු පිරිසේ  හිස් ගසා දැමුවේ සඳුදා දවසකය.

මේ සම්බන්ධයන් කළ හැකි සියල්ල  කිරීමට මුළු රටම නැගී සිටිය යුතු අතර සවුදි අරාබිය වැනි  තැනකට යෑමේ

අදීනව ජනතාවට පෙන්වා දීමට කාලය එළඹ ඇති බව පැහැදිලිය.

 

“Your Majesty’s kind intervention in pardoning these unfortunate victim  would enhance the high esteem in which Sri Lankans hold Islam, the people and the kingdom of Saudi Arabia,” said the Muslim Council of Sri Lanka.

 

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.