ගිලන් රථයට පහරදී ඇරඹුණු ජන සටන

Ambulance 1-1ජන සටන ජන රැළිය ආරම්භ වූයේ ගිලන් රථයකට පහර දෙමිනි. ඒ සිද්ධිය වාර්තා වන්නේ මෙසේය.

ආගමික වතාවත් කර අවසන් වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගැටඹේ පන්සල අසලින් පා ගමනට එක්වන්නට සූදානම්වන මොහොතේම සයිරන් නලා හඩවමින් ගිලන් රථයක් පැමිණියේය. මේ ගිලන් රථය පේරාදෙණිය පාරේ නුවර පැත්තට වන්නට පිහිටා ඇති සුවසෙවන පුද්ගලික රෝහලේ ගිලන් රථයකි. එම ගිලන් රථය පැමිණෙමින් තිබුණේ පේරාදෙණිය රෝහලේ නේවසිකව ප්‍රතිකාර ගනිමින් සිට ඉන් නිකම යන රෝගියෙක් සිය රෝහලට රැගෙන ඒම සදහාය.

ගිලන්රථය පැමිණි වහාම තම නායකයාට පාරට පැමිණීම සදහා පාද යාත්‍රාවේ සංවිධායක පිිරිස් එහි ගමන වැලැක්වූහ. ගිලන් රථය යමින් සිටියේ රෝගියෙක් රැගෙන එන්නටය. ඒ වනවිට ගිලන් රථයේ රෝගියෙක් නොමැති බව දුටු පාද යාත්‍රික ජනයා කිපුනහ. ඔවුහු ගිලන් රථය වට කරගෙන ගිලන්රථ රියදුරාට බණින්නටත් ගිලන් රථයේ වීදුරුවලට පහර දෙන්නටත් වූහ. එහිදී එහි පැති කණ්ණාඩියක් කැඩී ගියේය. ගිලන් රථය හිමි පුද්ගලික රෝහල මේ වනවිට තමන්ට වූ අලාභය අය කරගැනීම සදහා උසාවි යෑමට සූදානමින් සටිති.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.