ගුවන් පථයේ අලුත් වැඩියාවක්… කටුනායක ගුවන්තොටුපල ලබන වසරේ වැසේ…

Runnerwayවසර තිහකට පසුව කටුනායක බණ්‌ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ප්‍රධාන ධාවන පථයේ කෙරෙන ප්‍රතිසංස්කරණයක් හේතුවෙන් ලබන වසරේ ජනවාරි 06 සිට අප්‍රේල් 06 දක්‌වා මාස තුනක කාලයක්‌ එම ගුවන් පථය වසා තබන බව සිවිල් ගුවන්සේවා දෙපාර්තමේන්තුව පවසයි.

උදෑසන 8.30 සිට පස්‌වරු 4.30 දක්‌වා කාලය තුළ ධාවන පථය වසා තැබෙන බව පැවසේ.

මේ කාලය තුළ විකල්පයක්‌ ලෙස මත්තල ගුවන්තොටුපළ යොදාගන්නා ලෙස අදාළ ගුවන් සේවාවලට දැනුම් දී ඇතැයි සිවිල් ගුවන් සේවා අධ්‍යක්‍ෂ ජනරාල් එම්. එම්. සී. නිමල්සිරි ප්‍රකාශ කරයි.

කෙසේ නමුත් රාත්‍රි කාලයේදී බණ්‌ඩාරනායක ගුවන්තොටුපළ සුපුරුදු පරිදි ක්‍රියාත්මක වේ.

බණ්‌ඩාරනායක ගුවන්තොටුපළේ ධාවන පථය ප්‍රතිසංස්‌කරණය කෙරෙන්නේ වසර තිහකට පසුවය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.