ගුවන් සමාගම් 45ක් මත්තල යන්න බෑ කියයි – අර්බුදය බැරෑරුම්

Mattala Airportකටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ගුවන් පථයේ නවීකරණ කටයුතු සඳහා ලබන වසරේ එම ගුවන්තොටුපළ තාවකාලිකව වසා දැමීමට සිදුවන හෙයින් මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ සිට ගුවන් ගමන් මෙහවීමට ගන්නා ක්‍රියා මාර්ගයට ශ්‍රී ලංකන් ඇතුළුව සමාගම් 45ක් තම අකමැත්ත පල කොට ඇත.

මේ සමඟම බරපතළ අර්බුදයක් නිර්මාණය වෙමින් පවතී.

ස්ලීපින්එයාර්පෝට්ස්.නෙට්’ වෙබ් අඩවිය බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ආසියාවේ ඉතා නරකම ගුවන් තොටක් සේ නම් කොට ඇත.

  1. සනීපාරක්ෂාව පහත වැටීම, විශේෂයෙන්ම ගුවන් තොටුපොළේ වැසිකිළිවල සනීපාරක්ෂාව පහත මට්ටමක පැවැති අතර එම නිසා එහි පැමිණෙන බොහෝ දෙනෙක් අපහසුතාවට පත් වීම.
  2. මෙරට ආයතනවල පවතින සුපුරුදු වංචා දූෂණ ගුවන් තොටුපොළ කාර්යමණ්ඩලයෙන් ද සිදුවීම. ශ්‍රී ලාංකිකයෝ මේ තත්ත්වයට හුරුපුරුදුව සිටිති. එරෙහිව විරෝධයක් පැන නොනැගීමත් නිසා දූෂණ වංචා සමාජයේ සාම්ප්‍රදායික හා සාමාන්‍ය තත්ත්වයක් බවට පත්වීම ඊට හේතු ලෙස පෙන්වා දිය හැකිය. එහෙත් මෙහි පැමිණෙන ජාත්‍යන්තර සංචාරකයෝ ගුවන් තොටේ සිදුවන අල්ලස් ගැනීම්, වංචා නොඉවසනැ බව වෙබ් අඩ්විය පෙන්වා දෙයි.

Airlines Trackingකටුනායක ගුවන් තොටුපල තවත් පහලට වැටුනහොත් ජත්‍යන්තර ගුවන් ගැන නතර වීට ඉඩ ඇත. කටුනායක ගුවන් තොටුපළ මාස තුනේ සිට හය දක්වා තාවකාලිකව වසා දැමීමෙන් විශාල පාඩුවක් ලැබිමට සිදුවන බව රාජිත සේනාරත්න ඇමතිවරයා පැවසීය.

මේ අතර කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙහි පැමිණීමේ මගී පර්යන්තය සංවර්ධනය කිරීම හා එම ගුවන් තොටුපළේ මගීන් පිටවීමේ මණ්ඩපය පුළුල් කිරීම සඳහා කැබිනට් මණ්ඩලය වෙත ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවකට ද කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.