ගූගල් ප්‍රධාන විධායකයාගේ දීමනා ගැන බ්‍රිතාන්‍ය පාර්ලිමේනතුවේ ප්‍රශ්න

ගූගල් සමාගමේ ප්‍රධාන විධායක නිළධාරියාට ලබා දී ඇති කොටස් දීමනා පිළිබද බ්‍රිතාන්‍ය පාර්ලිමේනතුවේ විරෝධයක් පැන නැගී ඇත.මේ දීමනාවන් සමගින් ඉන්දියානු ජාතික සුන්දර් පිචායි සමාගමක ඉහළම වැටුප් ලබන නිළධාරියා බවට පත්වෙයි.

1972 දී චෙන්නායිහී උපත ලැබූ රඝුනාත් පිචායි ඉලෙක්ට්‍රොනික ඉංජිනේරුවෙකි.ඔහුගේ පුත්‍රයා වූයේ පිචායි සුන්දරරාජන්ය.මෙම දරුවාගේ ළමා කාලය තුළ තාක්ෂණය නැමති බීජය රෝපණය නර ඇත්තේ ද පිචායි සුන්දරරාජන්ගේ පියා විසින්ම ය.

සුන්දර් පිචායි චෙන්නායි PSBB Nungambakkam පාසලෙහි මූලික අධ්‍යාපනය ලබා ඇත.තමා ඉගෙනුම ලැබූ චෙන්නායිහි පාසල් ක්‍රිකට් කණ්ඩායමේ නාකත්වය දරා ඇති පිචායි කලාපීය මට්ටමේ ජයග්‍රහණ රැසක් ලබා ඇත.

ඔහු තම දෙමාපියන් සහ සහෝදරයා සමග ජීවත් වී ඇත්තේ නිදන කාමර දෙකකින් යුත් තව්වු නිවාසයක ය.එහි තමාටම වෙන් වූ කාමරයක් නොමැති වූ හෙයින් පිචායි තම නිදන කාමරය ලෙස යොදාගෙන ඇත්තේ විසිත්ත කාමරයයි.ඔහුගේ නිවසේ රූපවාහිනියක් හෝ ගමන් පහසුව සදහා කාරයක්වත් තිබී නැත.

දැනට 43 වියේ පසුවන සුන්දර් පිචායි ස්ටන්ෆෝර්ඩ් විශ්වවිද්‍යාලයේ MS උපාධියක් සහ පෙන්සිල්වේනියාවේ Wharton School Of The University හි ව්‍යාපාර කළමනාකරණ උපාදීයක් ( MBA ) ලබා ඇත.

එමෙන්ම ගූගල් සමාගම හා එක් වී ඇත්තේ 2004 වසරේදී ය.එහි Product Management අංශයේ සේවය ආරම්භ කළ ඔහු ගූගල් ක්‍රෝම් සහ ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය යන අංශ වලට අදාලව තම රාජකාරිය ඉටු කර පසුකලක තම දක්ෂතා නිසාම ගූගල් සමාගමේ හිමිකරු වන ලැරී පේජ් ගේ සමීපතමයෙක් බවට පත්ව ඇත.පිචාර් සුන්දරරාජන් පසුකලක ගූගල් සමාගමේ සුන්දර් පිචායි නමින් ප්‍රසිද්ධ විය.

55555

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.