චන්ද්‍රිකා උඩුගං බලා පිහිනීම ආරම්භ කරයි

 

DSC_1367

 

ජාතික සමගිය හා සංහිඳියාව සඳහා වන කාර්යාලයේ වැඩ කටයුතු ආරම්භ කරමින් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය උඩුගං බලා පිහිනීමට ආරම්භ  කොට ඇත.

රාජ්‍ය පරිපාලනයේ කවර  දෝෂ තිබුනත් කොටි බෝම්බයකින් එක  ඇසක් අහිමිවී ගොස් තිබියදී  තිබියදී, ප්‍රශ්නයක් ඇති තැන ඒ පිළිබඳව කතා බහ කොට මනුස්ස තාලෙන් ප්‍රශ්නය විසඳා ගැනීම පිලිබදව ඇය තුළ ඇති විශ්වාසය ගරු කටයුතුය.

මේ කාර්ය දුෂ්කර  එමෙන්ම කොයි පැත්තෙන් වත් හොඳක් අහන්නට නොලැබෙන  එකක් බව හිටපු ජනාධිපතිනිය  නොදන්නේ නම් පුදුමයකි.

 

මේ පිළිබද පුවත පළවූ විගස ලංකාදීපයේ පලවූ අදහස් අතරින් සුබදායක හෝ අවම වශයෙන් මධ්‍යස්ථ අදහස් තිබුනේ එකක් හෝ දෙකකි. දොරේ ගලා  ගියේ ගල් මුල්ය.

තෝරාගත් කමෙන්ට්ස් කීපයකි මේ

 

*  සරත්

ඔව් ඉතින් ඔබ තුමියට ලොකු සාධාරණයක් කරානේ ,ඒ දවස් වලම .ඇහැකුත් නැතිකරලම .හොයල බලන්නකෝ ,එයාල කවදාවත් කියල තියෙනවද කියල සිංහලයින්ට උතුරේ ඉන්න පුළුවන් කියල. එයාලටම කියල කියව ගන්නකො ඔයවගේම කතාවක්

*ශ්‍රීලාල්

සිහලුනි නැගිටිවු, ජාතිය බේරාගනිවු! ජාතිය වනසන විෂබීජය හඳුනාගෙන කටයුතු නොකළොත් ජාතියේ විනාශය අතළඟයි (නි)

*ජනක මගේ මුල්ම ඡන්දය මෙයාට දැම්ම එක ගැන මම දැන් දුක්වෙනවා

*ප්‍රියාන්

ඉතින් ඔයා රට පාලනය කළ කාළේ ඕක කරන්න තිබුනනේ..අපි ගැන කතා කරන්න තමා කවුරුත් නැත්තේ.

* දහම්

මේ ඔක්කොම ඕනෑ සිංහලයන්ට. දෙමළ අයට ඕනෑ වෙනම රටක්. ඒක වෙනස්වෙලා නැහැ. මහින්ද නොහිටින්න අපි තවම කොටි බෝම්බ වලට මුහුණදෙනවා.

*දිනේෂ් කළුආරච්චි

මින් පස්සේ එස්.මහින්ද හිමියන්ගේ දේශමාමක කවි ,නන්ද මාලිනීගේ ගීත, සුනිල් ශාන්තගේ ලංකා ලංකා වගේ ගී,හෙළජාතික අබිමානේ වගේ ගී අහල ඉවරයි.මෙයාගේ පවුලේ අය කතා කරන්නේ ඉංග්‍රීසියෙන් ඉතින් ලෝකෙට පරකාසේ.අපේ දේශය කාසි කබල් දේශපාලුවන්ගෙන් රැකගනු මැන දෙවින්න්දුනේ.එනපොට හොඳ නැහැ.

*බටකොල ආච්චිගෙ මොලේ කොලොප්පං වැඩිවෙලා… අනේ මේ ඉසකුඩිච්චියක් දාගෙන පැත්තකකට වලො ඉන්නවද පිස්සු නටන්නේ නැතුව

* මහින්ද ප්‍රනාන්දු

ඔබ තුමිය ඔය වගේ කතා කරලා අර වැදගත් සිරිමාවෝ මැතිනියට බන්නවන්න එපා. එතුමිය රටට වැදගත් දේවල් කරපු මාතාවක්, ඔයාගේ කතා .බලල මිනිස්සු බනින්නේ ඒ මවට අපරාදෙනේ මැතිනිය බැනුන් අහන්නේ

සෝෂාකාරී

මේ අදහස් ඇතැම් විටක සෝෂාකාරී සුළුතරයේ ප්‍රකාශනයක් විය .

එහෙත් මේ අදහස් වලට සංවේදී නොවී  ජාතික සංහිඳියාවක් ඇති කළ  නොහැක.

අනෙක් මේ අදහස්වලට අවශ්‍ය ප්ර්මන්මයට වඩා සංවේදී වීමෙන්ද ප්‍රශ්නය විසඳාගන්න නම් බැරිය.

නිර්භය තීරණ ගැනීමට සිදුවනු ඇත.

මෙම ක්‍රියාදාමයේ දී 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ද අවශ්‍ය සංශෝධන සහිතව පදනම් කර ගත හැකි බව  හිටපු ජනපතිනිය කියා සිටියාය.

තමන්ගේ මෙම කාර්යාලය මගින් ජාතික සමගිය හා සංහිඳයාව ඇති කිරීම වෙනුවෙන් සැලැස්මක් සකස් කරන බවත් එහි දී තම පාලන සමයේ ඉදිරිපත් කර තිබූ බලය විමධ්‍යගත කිරීමේ යෝජනාලියේ සිට, උගත් පාඩම් පිළිබඳ ප්‍රතිසන්ධාන කොමිසමේ වාර්තාව, උදලාගම වාර්තාව, විද්වත් කමිටු යෝජනා ආදියත් සැලකිල්ලට ගන්නා බව ද ඇය කීවාය.

ඒ සියල්ලෙන් පාඩම් ඉගෙන ගත්තාට කම් නැත.

එහෙත් හිටපු ජනපතිනිය තාමත් කොටුව ඇතුලේ සිට කල්පනා කරන්නීය.

පුර්ව නිශ්චිත සැලැස්මක් ක්‍රියාවට නැංවීමෙන් ජාතික සංහිඳියාව ඇති කල නොහැක .අවශ්‍යවන්නේ මහ සකල්ප නොව වැඩයි.

මේ වැඩ බිම් මට්ටමෙන් බිහිවිය යුතුය.

 

acheron-river

 

 

හිතවත් කුමාරතුංග මැතිණියනි ,

කථාව නවත්වා සවන් දෙන්න. ගැඹුරින් සවන් දෙන්න.එවිට ගලන ගඟකින් දිය බුබුළු දමන හඬ  සේ ජන හද රාව ඔබට ඇසෙනු ඇත.

ඒ හඬ කළ යුත්ත කුමක්දැයි ඔබට කියා දෙනු ඇත.

[vsw id=”/youtu.be/7pogkkVdMu4″ source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

 

chandrika outlines national reconciliation plan

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.