චානුක රත්වත්තේට මාංචු ……. ඊළඟට ?

chanuka-ratwatteහිටපු ඇමැතිවරයකු වු අභාවප්‍රාප්ත අනුරුද්ධ රත්වත්තේගේ පුත්‍රයකු වන චානුක රත්වත්ත ඇතුළු පස් දෙනෙකු රුපියල් බිළියන 12 ක  ක් වංචාවක් සම්බන්ධයෙන්  මුල්‍ය  අපරාධ විමර්ශන අංශය විසින්  අද (14) අත්අඩංගුවට  ගැනීමත් සමඟ කොටස් වෙලඳපල මාෆියාව සලිත වී
සිටී.

බිලියන 12ක් යනු දැවැන්ත මුදලකි එඑහත් ඊට වඩා වැදගත් වන්නේ මේ සඳහා යොදාගත් ක්‍රමෝපායයි. කොටස් වෙළඳපළ මාෆියාව හේතුවෙන් එහි ආයතන ප්‍රධානින්  රැසක්ම සේවය  අත්හැර ගියහ.  එන්ට්‍රස්ට් සෙකියුරිටිස් සමාගම මගින් ඔහු එම වංචාව කළ බව පොලිසිය
කියයි.

චානුක රත්වත්තේ එම සමාගමේ විධායක අධ්‍යක්ෂකවරයෙකි.පසුගිය ජනවාරි මාසයේදී චානුකගේ ගමන් බලපත්‍රය තහනම් කෙරින. ඉහළ දේශපාලන අනුග්‍රහයෙන් තොරව මෙවැනි වංචාවක් නොකළ හැකි අතර අදාළ කාලය තුළදී මහා බැංකු අධිපති සේ කටයුතු කලේ අජිත් නිවාඩ් කබ්රාල්ය. පසුගිය ජනවාරියේ ශ්‍රී ලංකා මහ බැංකුව එම සමාගම පවරාගෙන ප්‍රතිසංස්කරණය සඳහා ජාතික ඉතිරිකිරිමේ බැංකුවට බාර දුන්නේය.

සබැඳි පුවත්

5 thoughts on “චානුක රත්වත්තේට මාංචු ……. ඊළඟට ?

  • September 15, 2016 at 9:13 am
    Permalink

    මෙය ගේ පෙනුම නම් අපුරුයි

    Reply
  • September 15, 2016 at 9:15 am
    Permalink

    මීළඟට මොකද වෙන්නේ මෙයා නිදහස් වෙනවා

    Reply
  • September 15, 2016 at 9:17 am
    Permalink

    මේ පව්ලෙම ග්‍රහ චාර ගැටළු තියෙනවා සනි නීච වෙලයි තියෙන්නේ

    Reply
  • September 15, 2016 at 9:19 am
    Permalink

    අහෝ යම පල්ලන් ගේ යහ පාලනය-රත්වත්තේ නාමය උඩරටින් අතුගා දැමිය නොහැක

    Reply
  • September 15, 2016 at 9:32 am
    Permalink

    අර තිලක් කරුණාරත්න,ඉන්ද්‍රානි සුගතදාස එහෙම කොටස් වළඳ පළ දුෂණ ගැන පොර ටෝක් දුන්නා නේද දැන් මොකද වෙන්නේ ඒ ගොල්ල කොර වෙලාද?

    Reply

Leave a Reply

Your email address will not be published.