චීනයට යන මහින්ද ගෙන් ඉන්දියාවට වාග් ප්‍රහාරයක්……………..

mahinda-1111

චීන ආණ්ඩුවේ ආරාධිත අමුත්තෙක් ලෙස චීනයට යෑමට පිටත් වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කියා සිටින්නේ තමන්ගේ රාජ්‍ය පාලන සමයේ ඉන්දියාව දැඩි ලෙස ශ්‍රී ලංකාවේ පාලන කටයුතු වලට ඇඟිලි ගැසූ බව කියා සිටියේය .

මහින්ද රාජපක්ෂ හිටපු ජනපති චීනයේ නිල සංචාරයක් සඳහා අද (23)උදේ 7:30ට ශ්‍රි ලංකන් යානයකින් පිටත්ව යෑමට පෙරයි මාධ්‍ය වේදීන් ඇමතුවේ. ඔහු සමග පස්දෙනෙක් ගමනට එක් වූහ යානය චීනයේ ග්වැන්ෂෝ ගුවන්තොටුපොළට ලඟා වීමට නියමිතය.

චීන රජයේ ආරාධනයෙන් මෙම ගමනට එකවු හිටපු ජනපතිට මේ ගමන සඳහා රාජ තාන්ත්‍රික වරප්‍රසාද ශ්‍රි ලංකා රජයෙන් ලබා දී ඇත.

චීන සබ්මැරින්

මාධ්‍යවේදීන් ඇමතු මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේ චීන සබ්මැරින් කොළඹ වරයාට සේන්දු වීම පිළිබඳව ඉන්දියාවකෝපයෙන් දැඩි ප්‍රතිචාරයක් දැක්වූ බවයි. තමන් ට දැනගන්නට තිබු ප්රිද්දෙන් මෙම සබ්මැරින් වල ගමනාන්තය පිළිබඳව චීන තානාපති නිලධාරීන් බෙයිජින්ග් හි තානාපති නිලධාරීන් දැනුවත් කොට තිබියදීත් ඉන්දියාව කේන්තියෙන් ප්‍රතිචාර දක්වා සිටි බවයි රාජපක්ෂ පැවසුවේ.

අගමැති රනිල් වික්‍රමසිංහ දැන් අක්කර දහස් ගණනක් චීනයට ලබාදෙද්දී දැන් ඉන්දියාව දැන් නිහඬව සිටින බව හිටපු ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය . දැන් මුළු හම්බන්තොට වරායම චීනයට ලබාදීමට කටයුතු සම්පාදනය වෙද්දී ඉන්දියාව නිසොල්මන්ව සිටින බව මහින්ද රාජපක්ෂ පෙන්වා දෙයි .

රාජ්‍ය තාන්ත්‍රික අනා ගැනීම

හිටපු ජනාධිපතිවරයා ආණ්ඩුවේ ආරාධනයෙන් චීනයට යන්නේ රවී කරුණානායක මුදල් ඇමතිවරයා සහ චීන මුදල් ඇමතිවරයා ආරවුලක පැටලී සිටින අවස්ථාවකදීය. චීනයේ ණය පොළිය අධික බව රවී කරුණානායක මුදල් ඇමතිවරයා පවසද්දී තනාපති වරයා ප්‍රශ්න කරන්නේ ණය පොළිය අධික නම් ණය ඉල්ලන්නේ මන්ද යන්නයි. සාමාන්‍යයෙන් හිටපු රාජ්‍ය නායකයින් බලයෙන් නික්ම ගිය පසු තම සමයේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිළිබඳව එළි පිට කථා කරන්නේ නැත.

මෑතකදී හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය චීන තානාපති වරයා රාජපක්ෂ ආණ්ඩුවේ පිරිස් අල්ලස් ඉල්ලීම පිළිබඳව තමන්ට පැමිණිළි කළ බව රූපවාහිනි වැඩ සටහනකට පැවසුවාය. මෙයින් පෙනී යන්නේ මහින්ද රාජපක්ෂ සහ චන්ද්‍රිකා කුමාරතුංග මෙන්ම රවි කරුණානායකත් රාජ්‍ය තාන්ත්‍රික වැඩ කටයුතු අනා ගැනීමට පසුබට නොවන බවයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.