චීන තානාපතිගෙන් මුදල් ඇමති රවීට සත්තමක්

ravi-03චීන තානාපති වයි සියෑන් ලියෑන් තෝරාගත් සීමිත මාධ්‍යවේදීන් පිරිසක් හමුවී පවසා ඇත්තේ රවී කරුණානායක මුදල් ඇමති වරයා චීනයෙන් ලබාගන්නා ණයේ මිල අධික බව කියමින් යලිත් වතාවක් ණය ඉල්ලන්නට තමන් වෙත පැමිණෙන බවයි. මීට පෙර අවස්ථා කිහිපයකදීම මුදල් ඇමැතිවරයා චීනයේ ණය පිළිවෙත ප‍්‍රසිද්ධියේ විවේචනය කොට ඇති අතර එසේ තිබියදී යළිත් ණය ගනුදෙනු පිළිබඳව කතා කිරීම අතාත්වික බවයි චීන තානාපතිවරයා කියා සිටින්නේ. පෝට් සිටි ව්‍යාපාරය ගැන කතාකරමින් තානාපතිවරයා පවසා ඇත්තේ ශී‍්‍ර ලංකාවේ ආණ්ඩුව පෝට් සිටි ව්‍යාපෘතිය තහනම් කලත් ශී‍්‍ර ලංකාව කෙරෙහි චීන ආණ්ඩුවේ ප‍්‍රතිපත්ති වෙනස් වී නොමැති බවයි. පුරා 1600 වසරක් තිස්සේ චීනය හා ශී‍්‍ර ලංකාව අතර මිත‍්‍ර සම්බන්ධතා තිබූ බවත් එම තත්ත්වය දිගටම පවත්වාගෙන යාම සඳහා තමන් අදාල සමාගමට උපදෙස් දී ඇත්තේ ශී‍්‍ර ලංකා ආණ්ඩුවේ විධිවිධාන පරිදි කි‍්‍රයාත්මක වන ලෙසයි. එසේම කියා සිටියේ මේ තහනම නිසා එම සමාගමට දිනකට ඩොලර් මිලියනයක පමණ පාඩුවක් සිදුවූ බවත් දැන් මේ පාඩුව පියවන්නේ කවුරුන්ද යන්න පිළිබඳවත්ය. ඔහු කියාසිටියේ අපට සැගවුණු න්‍යාය පත‍්‍රයක් නොමැති බවත් අප නීතිය අනුගමනය කරන බවත්ය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.