ජනතා වියදමින් මෛත්‍රී – රනිල් බිතු සිතුවමේ

 

 

 

de2803775e47a1b64860e7bb3d5704d6_L

 

 

සංරක්ෂණය කරන ලද අභයගිරිය චෛත්‍යයේ ප්‍රථම ස්ථූප පූජාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 31 වැනිදා පස්වරුවේ පැවැත්විණි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අභයගිරි සෑරදුන් වන්දනාමාන කිරීමට යන අවස්ථාවක් දැක්වෙන බිතු සිතුවමක් අභයගිරි විහාරයේ සිතුවම් කර තිබිණි.

ප්‍රතිසංස්කරණය කරන ලද අභයගිරි සෑරදුන් ජනපති සහ අගමැති ප්‍රමුඛ බැතිමතුන් විසින් පළමුවරට වැඳපුදා ගනීමට ගමන් ගන්නා අයුරු එම සිත්තමෙන් පිළිබිඹු වන බවත් මෙම සිතුවමෙහි අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස නාහිමියන්ද සිතුවම්කර ඇති බවත් වාර්තා වේ. එම සිතුවමෙහි ‘සංරක්ෂණයෙන් පසු. (ක්‍රි:ව: 2015.‘ ලෙස සටහන් කර තිබේ. 

ඇසළ පුන් පොහෝ දිනය යෙදී ඇති පසුගිය 31 වැනිදා ජනාධිපතිවරයා විසින් අභයගිරිය චෛත්‍යයේ ප්‍රථම ස්ථූප පූජාව සිදු කිරීමත් සමග ලෝකවාසී බෞද්ධ ජනතාවගේ පුණ්‍යානුමෝදනාවට අභියගිරිය  ඓතිහාසික පුද බිම නැවත විවෘත  කෙරිනි.

1997 වර්ෂයේ මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් මෙහි සංරක්ෂණ කටයුතු ආරම්භ කළේය. උස අඩි තුන්සිය හතළිස් පහකින් හා වට අඩි එක් දහස් තුන්සිය පනස් පහක් පමණ වන අභයගිරිය චෛත්‍යයේ සංරක්ෂණ කටයුතු වසර දාහතක් සිදු කළේය.

වසර අටසීයයක පමණ කාලයකට පසුව මෙහි සංරක්ෂණ කටයුතු සිදු කර ඇති අතර මේ සදහා රුපියල් මිලියන පන්සිය දහනවයක පමණ මුදලක් වැය කර තිබේ. ලෝක උරුමයක් වන අභයගිරිය චෛත්‍යයේ සංරක්ෂණ කටයුතු සදහා දෙස් විදෙස් බැතිමතුන්ගේ ශ්‍රම දායකත්වය ලැබී තිබේ.

සංරක්ෂණය කළ අභයගිරිය ස්ථුපය සදහා ප්‍රථම ස්ථූප පූජාව සිදු කළ ජනාධිපතිවරයා විහාර පරිශ්‍රයේ නිරික්ෂණ චාරිකාවකද නිරත විය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.