ජනපතිට හානි කරන උත්සහයක්?

maithripala-sirisena-2ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිරීක්ෂණ චාරිකාවක නිරත වීමට සිටි, හෝමාගම පිටිපන ඉදිකිරීම් සිදු වන විශ්වවිද්‍යාල පරිශ්‍රයෙන් භාවිත කරන ලද උණ්ඩයක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ජනාධිපති ආරක්ෂක අංශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්.එම්. වික්‍රමසිංහ මහතා කියා සිටියේ, ඔහු එම ගොඩනැගිලි පරිශ්‍රයේ පෑස්සුම්කරුවෙකු ලෙස සේවයට පැමිණි අයෙකු බව ය. ඊයේ දිනය තුළ ඔහු එම ස්ථානයේ සේවයට පැමිණ තිබේ.

අදාළ උණ්ඩය භාවිත කරන ලද එකක් වුවද එය සන්තකයේ තබා ගත්තේ ඇයි ද යන්න පිළිබඳව පරීක්ෂණ පැවැත්වීම සඳහා ඔහු හෝමාගම පොලීසියට භාර දුන් බව ද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසී ය. හෝමාගම පොලීසියේ මෙහෙය වීමෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක ය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.