ජනපති තම කථාවේ අරුත සිවිල් සමාජයට පහදයි

President Maithripala Sirisenaරට යන අත පිළිබඳව ජන හමුවක් පැවැත්වීමට පෙර ජනාධිපති සිරිසේන මහතා  සිවිල් සංවිධාන නියෝජතයින් පිරිසක් හමුවී ඇත.

මහාචාර්ය සරත් විජේසුරිය, සමන් රත්නප්‍රිය , ජේ සී වැලිඅමුණ ඇතුළු සිවිල් සංවිධාන නියෝජිතයින් පිරිසක් පවසා ඇත්තේ පසුගිය වංචා විමර්ශන දුෂණ කොමිෂන් සභා පිළිබඳව තමන්ට එකඟ නොවිය හැකි බවයි.

එක්සත් ජාතික පක්ෂය තමන්ට අවාසිදායක න්‍යාය පත්‍රයක් වෙනුවෙන් වැඩ කරන විට තමන් ගේ ඉවසීම නැතිවී ගිය බව ජනාධිපතවරයා ප්‍රකාශ කොට තිබේ.

මේ කථාව හේතුවෙන් යම් අවාසිදායක තත්වයක් ඇතිවුනත් ඒ මගින් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් අතරේ යම් ප්‍රසාදයක් ඇති කර ගත හැකිවූ බව ජනාධිපතිවරයා සදහන් කොට තිබේ.

එක්සත් ජාතික පක්ෂය සමඟ ඇති විරසකය පිළිබඳව ජනාධිපතිවරයා දීගගින් දිගටම කරුණු දක්වා ඇත.

දැනට ඇතිවේගන යන දේශපාලන පෙළ ගැසීම්, ජනපති – අගමැති නොගැලපීම් ඉතා ඉක්මනින් කරලියට පිවිසීම නොවැලක්විය  හැකි යථාර්තයක් බව හමුවට එක්වූ සිවිල් සංවිධාන සාමාජිකයෙක් පැවසුවේය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.