ජනාධිපතිවරයා ගේ නිහඬ බව ගෝඨාට ප්‍රශ්නයක්………….

gotabhaya&maythripalaයුද සමයේ ආවා කල්ලිය බිහි වූයේ  හමුදාවේ වුවමනවට බව සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න කියන කථාව සම්බන්ධයෙන්ජනාධිපතිවරයා නිහඬව නොසිට පිළිතුරු දිය යතු බව හිටපුආරක්ෂක අමාත්‍යංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

උතුරේ සන්නද්ධව  සිටි EPRLF සහ PLOT කල්ලි හමුදාව ලවා නිරායුධ කල බවත් ඒ සඳහා මැරා කල්ලි ගොඩ නැගීම අවශ්‍ය නොවූ බව ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය. හමුදාවත් සම්බන්ධ වී  ආවා කල්ලිය උතුර අවුල් කිරීමට යොදා ගන්නා බවට කරන ප්‍රකාශ වලට සේනාධිනායකයා විසින් පිළිතුරු ලබා දීම කළයුතු බවයි හිටපු හිටපු ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයා පවසන්නේ.

මෙය හමුදාවට එරෙහි චෝදනාවක් වන බැවින් සේනාධිනායකයාට නිහඬ විය නොහැකි බවයි ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වා දෙන්නේ.

සබැඳි පුවත්

One thought on “ජනාධිපතිවරයා ගේ නිහඬ බව ගෝඨාට ප්‍රශ්නයක්………….

  • November 8, 2016 at 9:56 am
    Permalink

    ගියා කල්ලිය රජ කරවන්න හිතුවොත් ඒ රටේ විනාසය.

    Reply

Leave a Reply

Your email address will not be published.