ජනාධිපති අගමැති එපා කියද්දී ඉසුර මන්ත්‍රීවරු 36 රට සවාරි ඇරලා….

Isura1මහජන මුදල්වලින් මන්ත්‍රීවරුන් පිට රට  සවාරි යැවීම යහපාලන ආණ්ඩුවේ ප්‍රධානීන්වන ජනාධිපතිවරයා විසින් තහනම් කර තිබියදී බස්නාහිර පළාත් මහ ඇමති ඉසුර දේවප්‍රිය විසින් මන්ත්‍රීවරුන් 36 දෙනෙක් රුසියානු සංචාරයක්  සදහා යැවීම  පිළිද ප්‍රශ්නකාරී තත්වයක් මතු වී තිබේ.

ජනාධිපතිවරයා හා අගමැතිවරයාගේ නිර්දේශ නොසලකා ඉසුර දේවප්‍රිය විසින් බස්නාහිර පළාත්සභා මන්ත්‍රීවරුන් මෙම රුසියානු සංචාරය සදහා යවා ඇත්තේ ස්වකීය දේශපාලන දිවියට 25 වසරක් පිරීම නිමිත්තෙන් බව  පැවසේ. මේ මන්ත්‍රීවරුන් පිරිසට වීසා ලැබුණු විගස ඔවුන් පිටරට රුසියානු සංචාරය සදහා පිටත් කර ඇත්තේ මේ වග දැනගතහොත් ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා මේ සංචාරය අවලංගු කළ හැකි නිසා බව  ශ්‍රි ලංකා නිදහස්පක්ෂ ආරංචිමාර්ග කීවේය.

ඉසුර දේවප්‍රිය කියා තිබුණේ මේ මන්ත්‍රීවරුන් යවා තිබුණේ රුසියාවේ තත්කාලීන දේශපාලන ප්‍රවණතා අධ්‍යයනය කිරිමට බවය.

රට මෙපමණ මූල්‍ය අර්බුදයකට ලක් වී තිබෙද්දී මහ ජන මුදල් කෝටි ගණනින් වැය කරමින් මහඇමතිවරයා විසින් ගත් මේ තීරණය නිසා රජය බලවත් අපහසුතාවයට පත්ව ඇති බව පැවසේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.