ජීවිත පොතේ 75 වන පිටුව තරු අත් අකුරින් ලියන සොදුරු මිනිසා

ඔහු නමින් වික්ටර් රත්නායක. නම කියූ සැනින් වෙන කිසිවෙකුත් අවැසි වන්නේ නැහැ ඔහු හදුන්වන්නට ඒ තරම් ශ්‍රී ලාංකීය කලා ලොව පිලිඹද දන්නා කිසුවෙකුටත් ඔහු අමුත්තෙක් නොවන නිසා.

1942 පෙබරවාරි 18 වෙනිදා දරුවන් හා දෙනෙකුගෙන් යුතු වූ පව්ලක තෙවෙනියාව උපත ලබන මේ සොදුරු ගායකයා, ගීත රචකයා, වාදකයා, ඊයේ (පෙබ:18) 75 වන වියට පා තබනු ලැබුවා.

කඩුගන්නාව ජන්මභූමිය වූ හෙතමගෙ පිය ජේමිස් රත්නායක වූ අතර මව නමින් සුමනාවතී මායාදුන්න නම් වුණා. 1946 කඩුගන්නාව මහා විද්‍යාලයෙන් පාසල් ජීවිතය අරමභ කරන මේ කුඩා දරුවා උත්තර භාරතීය රාගධාරී සංගීතයත් සමග වයලීන් හා තබ්ලා වාදනය ප්‍රගුණ කරනු ලැබුවා.

1965 වර්ෂයේදී ගුවන් විදුලි සංස්ථාවේ ඒ ශ්‍රේණියේ ගායකයෙකු ලෙස එක්වෙන මෙතුමා “සිඳ බිඳ මෝහදුර පාප” ගීතයෙන් තම ගායන දිවිය ආරම්භ කරනු ලබුවේ නොහො දුර ගමනක පළමු පියවර තබමින්.

1966 බණ්ඩාරවෙල ඇත්තලපිටය මහා විද්‍යාලයේ සංගීත ගුරුවරයා ලෙස පත්වෙන ලියුම්කරු 1966 නොවෙම්බර් මස 01 වැනිදා රත්නලතා ජයසිංහ සමග තම යුග දිවි ගමන අරඹනවා.
z_p16-Victor

1971 දී “මාතර ආච්චි” චිත්‍රපටියෙන් චිත්‍රපටි ගායනයට පිවිසෙන වික්ටර් 1973 ආරම්බ කර 2012 ජුලි මස ලුම්බිනියෙන් අවසන් කරන තෙක්ම “සා” ප්‍රසංග මාලාව තුලින් ජන හදමඩල තුල කිසිදා නොමකින අයුරින් තම නාමය සටහන් කරගනු ලැබූ මෙතුමා
පෙම්බර මධූ මගේ
තරු අත් අකුරින් ලිය එවමි
අපි ඔක්කොම රජවරු
ආදරයේ උල්පත වූ අම්මා
ගිගිරි ගීත රාවේ
හිත මිතුරු සුළඟ
දෙව්රම් වෙහෙරේ හිමි වැඩ සිටි සමයේ
වැනි ගීත ගායන 2000 කට අධික ප්‍රමාණයක්ද 2500කට වැඩ වැඩි තනු නිර්මාන ගණනකට තම දායකත්වය ලබාදී ඇත.
1969 – හොදම ගායකයා
1979 – ජනදිපති සම්මාන කුසලතා සම්මාන – පසුබිම් ගායනය
1981 දී ආරියරත්නගේ “සිරි බෝ අයියා” හොඳම සංගීත අධ්‍යකෂණය (ජනාධිපති සම්මානය)
1987 දී ආරියරත්න විතානගේ (අතුරු මිතුරු) – හොඳම සංගීත අධ්‍යකෂණය (ජනාධිපති සම්මානය)

ආදී සම්මාන රැසකට පාත්‍ර වූ මේ අපුර්ව කලා කරුවාට තව තවත් මේ කලාකෙත පෝෂණය කිරීමට ශක්තිය ෙෙධරය ලැබේවායි Lanka News Line හි අප සුබාශිෂණ එක් කරමු.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.