ජී.එල් පීරිස් ගෙන් ප්‍රශ්න අහන එක හරිද?

cartoon prof pieris

 

 

මහචාර්ය ජී.එල් පීරිස් හට පසුගිය  දා මුල්‍ය අපරාධ  විමර්ශන ඒකකයේ ප්‍රශ්න කිරීමකට ලක්වන්නට සිදුවිය.

ජනාධිපතිවරණ සමයේදී විදේශ සේවාවන්හි නිරතව සිටි දේශපාලන පත්වීම්  ලැබුවන් මෙරටට රජයේ මුදලින්

ගෙන්වාගෙන  ප්‍රචාරණ කටයුතු වල යෙදවීම මේ ප්‍රශ්න කිරීමට නිමිත්ත වූ බව වාර්තා විය.

 

ප්‍රශ්න  කිරීමෙන් අනතුරුව හිටපු  විදේශ ඇමතිවරයා වූ  මහාචාර්ය  ජී.එල් පීරිස් කියා සිටියේ විරුද්ධ මතවාද දරන පිරිස් වලින් ආණ්ඩුව පලි ගන්නා බවයි.

මහචාර්ය පීරිස් තම ජීවීත කාලයෙන්  සෑහෙන කාලයක් කලේ සරසවි  සිසුන් ගෙන් ප්‍රශ්න අසා ඒවායේ හරි වැරදි ලකුණු කිරීමටයි .

ඒ ප්‍රශ්න වලට උත්තර දුන් අය අතර  කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨ සිසුවෙකු වූ  අහමැති රනිල් වික්‍රමසිංහද විය.

එහෙව් එකේ  ඒ කොළුවා ඇටවූ පොලිස් විමර්ශන ඒකකයේ ප්‍රශ්න වලට උත්තර දෙන්නට සිදුවූ විට තරමක හිතේ අමාරුවක් ඇතිවීම සාධාරණය

එහෙත් මෙහිදී මහචාර්ය තුමන්ට අමතක වන කරුණ නම්  බුරුතු පිටින් විදේශ සේවාවේ දේශපාලන හෙන්චයියන් ගෙන්වාගෙන ජනතා මුදලින් මහින්ද රාජපක්ෂ .දිනවීම සඳහා අමු අමුවේ වැඩ කරගෙන  යන බව වාර්තා වූ විට සාමාන්‍ය ජනතාවගේ කෝප සීමාවේ රතු කට්ට පැන්න බවයි.

මාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප වී නැත

 

මාධ්‍ය වාර්තා කල අන්දමට ජාලිය වික්‍රමසුරිය(ඇමරිකාව)හේමන්ත වර්ණකුලසුරිය (ඉතාලිය)

බන්දුල ජයසේකර (කැනඩාව-ටොරන්ටෝ) එන.එම් සුහයිර්(ඉරානය) අසිත  පෙරේරා (දකුණු කොරියාව)

බෙනට් කුරේ (පිලිපීනය) නිව්ටන් ගුණරත්න (මියන්මාරය) උදයංග වීරතුංග (රුසියාව) ඇතුළු තානාපති නිලධාරීන් 14 දෙනෙක් අමුවටම රජපාශ වෙනුවෙන් කඩේ ගියහ .

දන්නා  තරමින්  මේ මාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප වී නැත.

g l pierisv

ඒ ඒ අවස්ථාවට ගැලපෙන න්‍යාය නිෂ්පාදනය කිරීමෙහි සමත් මහාචාර්ය පීරිස් කුමන පිළිතුරක් මේ සම්බන්ධයෙන් දුන්නේද යන්න දැන ගන්නට නැතත් මහචාර්ය පීරිස් ගේ ආරම්භක තියරියක් අනුව මේ විමර්ශන හමස් පෙට්ටියට යායුතු නැත.

1994 මහචාර්ය පීරිස් චන්ද්‍රිකා කුමාරතුංග ආණ්ඩුවට එකතුවෙන  විට මහචාර්ය පීරිස් මුවග තිබු වචනයක් වූයේ පාරදෘශ්‍ය බව(transperancey) යන්නයි. පසුව රනිල් හරහා මහින්ද වෙත මාරු වෙද්දී  මේ පරමාදර්ශ ක්‍රමයෙන් ගිලිහී ගිය නමුත්  තුමුල ස්මරණ ශක්තියකට හිමිකම් කියන බව ප්‍රචලිත මහචාර්යතුමන්ට මුල අමතක නැති සිතමු.

එහෙයින් මේ විමර්ශනත් පාරදෘශ්‍ය ලෙසින්ම සිදුවන්නේ නම් හුදී ජනතාවට අකටයුතු  දැන  ගන්නට ලැබෙන  හේතුවෙන් ඉහළ යන ප්‍රෙෂර් එක බස්සා  ගැනීමට පහසුවක් ලැබෙනු ඇත.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.