ට්‍රම්ප් ගේ ජයග්‍රහනයේ පහනින් එළිය බලන ට්‍රයම්ප් තනපට………

triumphඩොනල්ඩ් ට්‍රම්ප්  ගේ ජයග්‍රහනයත් සමඟම ඒ   හා සමාන නමක් ඇති තන පට සමාගමක් තම  වෙළෙඳ ප්‍රචාරණ වැඩ පිළිවෙළ පුළුල් කිරීමට තීරණය කොට ඇති බව සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තා වේ. ප්‍රචාරණ විශේෂශඥයින්ට අනුව යම්කිසි භාණ්ඩයක් වෙළෙඳපළ තුළ ස්ථානගත කිරීම වැදගත්ය.

මේ අවස්ථාවේදී ට්‍රම්ප් නම නිතර කියවීම හේතුවන් Triumph වෙළෙඳ සන්නාමය ස්ථානගත කිරීම පහසු විය හැකි හෙයින් ප්‍රචාරණ වැය ශීර්ෂය ඉහළ දැමීමට  සමාගමේ කළමනාකාරිත්වය තීරණය කළ බවයි සමාජ මාධ්‍ය වාර්තා පවසන්නේ. කෙසේ වෙතත් මේ පිළිබඳව සමාගනමේ ඉහළ කළමනාකරිත්වයෙන් ප්‍රතිචාර පළ වී නැත.

එහෙයින් මේ පුවත ගෙතු එකක්ද නැද්ද යන්න සනාථ කිරීමට මගක් නොමැත. 1886 ජර්මනියේ මහන මැෂින් කීපයක් සහ tru-1 සේවකයින් හය දෙනෙක් ගෙන් ආරම්භ වූ මේ සමාගමේ වර්තමාන මුලස්ථානය ස්විට්සර්ලන්තයේ පිහිටා තිබේ. ලෝක ව්‍යාප්ත මේ සමාගමේ වාර්ෂික පිරිවැටුම යුරෝ බිලියනයං1437 ක් වේ.

මේ දිනවල Triumph සමාගම ප්‍රධාන වශයෙන් ප්‍රචාරණය කරන්නේ ක්‍රීඩාවේ නියුතු තරුණියන් වෙනුවෙන් නිෂ්පාදිත Tri Action උඩු කය ඇඳුමයි.

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.