ට්‍රම්ප්ගේ ජය ගැන රාජිත ගේ ප්‍රකාශ විමතිය දනවයි

Rajitha Senaratnaඇමරිකාවේ නව ජනාධිපතිවරයා සේ දිව්රුම් දීමට නියමිත ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ ජයග්‍රහණය පිළිබඳව කැබිනට් ප්‍රකාශක අමාත්‍යය රාජිත සේනාරත්න පැවසූ දේ විමතිය දනවන බව රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිළිබඳව දැනුවත් විද්වතුන් පැවසීය.

රාජ්‍ය නායකයා මුළින්ම සුබ පැතීමයි සාමාන්‍ය සම්ප්‍රදායයි ඉන් අනතුරුව සියළු ගනු දෙනු කරන්නේ විදේශ අමාත්‍යාංශයයි.

කැබිනට් ප්‍රකාශකයා කියා සිටින්නේ රජයේ මතය බව රාජිත සේනාරත්න ඇමතිවරයාට අමතක වීම කණගාටුවට කාරණයක් බව lankanewsline වෙත කරුණු දැක්වූ හිටපු තනාපති නිලධාරියෙක් පැවසීය.

“මුළු ඇමරිකන් බල කඳවුරු සියල්ල උදව් කළේ ක්ලින්ටන්ට. මෙයා අපේ ජාතියේ සෙල්ලම් දැම්මා මෝටර් කෙඩ් දාගෙන. කොඩි ගහගෙන අපි කරනවා වගේ තමයි ට්‍රම්ප් කැම්පේන් කරේ. ඒක දිනුවා සාමාන්‍ය මිනිස්සු දිනුවා බලපරාක්‍රමයට එරෙහිව,” යැයි අමාත්‍යවරයා පෙන්වාදුන්නේය.

Donald Trumpලෝකයේ ප්‍රශ්න විසඳීමට පෙර තමන්ගේ රටේ ප්‍රශ්න විසඳීමට අවශ්‍ය යන තම මතය මෙන්ම රුසියාවේ ජනාධිපතිවරයා වන Vladimir Putinගේ ක්‍රියා කාලපය නිවැරදියි යන මතයේ තේරීපත්ව සිටින නව ඇමරිකානු ජනාධිපතිවරයා ක්‍රියාත්මක කළහොත් එය ලෝක සාමයට ඉතා වැදගත්වනු ඇති බව සඳහන් කළ අමාත්‍ය රාජිත සේනාරත්න, “ඩොනල්ඩ් ට්‍රම්ප් මොකුත් කරන්න ඕනේ නැහැ මේ ලෝකෙට ඇඟිලි ගහන එක ටිකක් අඩු කළොත් ඒ ඇති,” යැයි කියා සිටියේය.

හිතමිතුරන් සමඟ අඩියක් ගහන විට මෙවැනි කථා කීවත් ආණ්ඩුවේ කැබිනට් ප්‍රකාශක හැටියට මෙවැනි ප්‍රකාශ කරීම නුසුදුසු බවයි මේ හිටපු තනාපති නිලධාරියා පැවසීය.

මේ ප්‍රකාශය හේතුවෙන් රාජ්‍ය තන්ත්‍රික ප්‍රතිවිපාක ඇතිවීමට ඉඩ තිබේදැයි විමසු විට කට කොණකට සිනාවක් නගා ගත් එම හිටපු තනාපති නිලධාරියා පැවසුවේ ‘නෑ එහෙම වෙන එකක් නැහැ රාජිත නේ කියලා තියෙන්න’ යන්නයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.