ඩොලර් ලක්ෂ හත්සීයකට ගත් ගර්හිත නැවු දෙක ගැන ලඟදීම තීන්දුවක්…

Ceylon Brezeනැව් සංස්ථාවට ඩොලර් මිලියන 70 ක අලාභයක් ඇති කරමින් මිලදි ගෙන ඇති නැව් දෙක තවදුරටත් පාඩු ලබමින් තබා ගන්නවාද විකුණනවාද යන්න පිළිබඳව ඉදිරියේදි තිරණයක් ගන්නා බව අගමැති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදි  අද (07) ප්‍රකාශ කළේය.

ගල් අඟුරු ප්‍රවාහනය කිරීම සඳහා සිලෝන් බ්‍රිස් සහ සිලෝන් ප්‍රින්සස් යන නෞකා දෙක ඉකුත් රජය සමයේ මිළදි ගැනිමේදි අක්‍රමිකතාවයක් වී ඇතිද යන්න පිළිබඳ සොයා බැලීම සඳහා පොලිසියට බාර දෙන බවද අගමැතිවරයා සඳහන් කළේය.

එක්සත් ජාතික පක්ෂ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලින් බණ්ඩාර ජයමහ ඇසු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අගමැතිවරයා මේ බව කීවේය. මන්ත්‍රීවරුන් අගමැතිවරයාගෙන් ප්‍රශ්න විමසන අවස්ථාවේ ඇසු ප්‍රශ්නයකදී මෙම පිළිතුර සැපයිනි. නලින් බණ්ඩාර විමසා සිටියේ මෙම මිලදී ගැනීමේදී අක්‍රමිකතාවයක් සිදුවි ඇතිද යන්නයි.

ශ්‍රී ලංකා නැව් සංස්ථාව 2014 වර්ෂයේදී මෙම නැව් දෙක මිලදි ගෙන ඇති බවත් අවුරුද්දේ මාස තුනක පමණ කාලයක් භාවිතා කිරීම සඳහා මෙම නැව් දෙක මිලදි ගෙන ඇති බවත් අගමැතිවරයා කියා සිටියේය. ඇමරිකානු ඩොලර් මිලියන 35 බැගින් මෙම නැව් දෙක මිලදීගෙන ඇති බව කී අගමැතිවරයා නැවට බොයිලේරු සවි කිරීම සඳහා තවත් ඩොලර් ලක්ෂ හතරකට වැඩි මුදලක් වැය කර ඇති බව ද කිවේය.

නොරොච්චෝලේ ගල් අගුරු බලාගාරයට හා යෝජිත සාම්පුර් ගල් අගුරු බලාගාරයට ගල් අඟුරු සැපයීම සඳහා මෙම නැව් දෙක මිලදි ගෙන තිබේ. කෙසේවුවත් අධික මහජන ධනස්කන්දයක් වැය කරමින් මිලදී ගෙන මෙම නැව විකුණනවාද පවත්වාගෙන යනවාද කියා ඉදිරියේදී තිරණයක් ගන්නා බවද අගමැතිවරයා කීවේය. ඒ සම්බන්ධයෙන් වාර්තාවක් ලබා දෙන ලෙස අදාළ අංශ වෙත උපදෙස් ලබා දි ඇතැයිද ඔහු ප්‍රකාශ කළේය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.