තජුදීන් ගේ සොහොනට ආරක්ෂාව

Wasim-memorial-400-seithy

හිටපු රගර් ක‍්‍රීඩක වසීම් තාජුඞීන්ගේ දේහය භූමිදාන කළ දෙහිවල පිහිටි සුසාන භූමියට පොලිස් ආරක්ෂාව යොදවා තිබේ. දෙහිවල කළුබෝවිල පල්ලිය පාරේ අදාළ සුසාන භූමිය පිහිටා ඇති බව පොලිසිය සඳහන් කළේය. 2012 වසරේ මැයි මස නාරාහේන්පිට උද්‍යාන පාරේදී ගිනිගත් මෝටර් රථය තුළ තිබී ඔහුගේ මළ සිරුර හමුවුණි.

අදාළ මරණය හදිසි අනතුරකින් සිදු වූවක් නොවන බව පොලිසිය මීට දින කිහිපයකට පෙර අධිකරණයට දැනුම් දුන්නේය. පරීක්ෂණ කටයුතු සඳහා මිනිය ගොඩ ගැනීමේ අවශ්‍යතාවයක් පිළිබඳව ද පුවත් වාර්තා වී තිබිණි.

මෙකී ඝාතනය පසුපස ප්‍රබල දේශපාලන සම්බන්ධයක් සහ මෙතෙක් මෙම ඝාතනය වසන් කිරීම පසුපස ද එවන්ම ප්‍රබල නිලධාරී සම්බන්ධයක් පිළිබඳව රට සෑම තැනම පාහේ කියවෙන බැවින් අදාල සුසාන භූමියට පොලිස් ආරක්ෂාව යෙදවීම වැදගත් පියවරකි.

. මන්දයත් පණපිටින් සිටි මිනිසුන් දුහුවිල්ලක් හෝ සොයාගත නොහැකි ලෙස අතුරුදන් කෙරුණු ආසන්න අතීතයක් අපට ඇති බැවින් මළ මිනියක් අතුරුදන් කිරීම මහා අරුමයක් නොවීමට ඉඩ ඇති නිසා ය.

දත් සහ ඉල ඇට කඩා වද දී මරා දැමුණු බව කියන රගර් ක්‍රීඩක වසීම් තාජුදීන්ගේ දේහය භූමදාන කළ දෙහිවල රෝහල පාරේ පල්ලියකට පොලිස් ආරක්ෂාව ලබා දී ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි.

නාරාහේන්පිට ශාලිකා ශාලාව අසල දී අභිරහස් ලෙස මරා දැමූ  තාජුඩීන්ගේ සිරුර ලබන සතියේ ගොඩ ගැනීමට සූදානම් බව වාර්තා වේ.

මෙම රගර් ක්‍රීඩකයා ගමන් කළ මෝටර් රථය ගිනි ගෙන මරණයට පත් වූ බව ඇඟවෙන සේ මරා දමා තිබූ බව පොලීසිය සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් පොලීසිය විසින් ප්‍රභූවරයෙකුගේ පුතෙකුගෙන් ප්‍රශ්ණ කිරීමට යන බව ද වාර්තා වේ.

2012 මැයි 16 වැනි දා ඔහු ජීවිතක්ෂයට පත්වූ අතර ඒ කාලයේදී පොලිසිය පැවසූවේ මෙය රිය අනතුරකින් සිදුවූ මරණයක් බවයි.

මේ ඝාතනය ගැන එකල රජයේ ප්‍රබලයකුගේ පුතකු පිළිබඳ සැක මතු වී තිබිණි.

 

 

 

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.