තමිලිනීගේ ජීවිත කතාවේ ග්‍රන්ථය ප්‍රකාශනයට බාධා

thamiliniL.T.T.E. සංවිධානයේ හිටපු දේශපාලන අංශ නායිකාව වන සුබ්‍රමනියම් සිවතායි හෙවත් තමිලිනී පිළිකාවක් හේතුවෙන් මේ වන විට මිය ගොස් ඇත.

ඇයගේ පාසල් කාලයේ දී ඇයගේ පිය මාස 3ක් පමණ අතුරුදහන්ව සිට ඇත.එම මාස 3ක කාලය ඔවුන් ගත කර ඇත්තේ අප්‍රමාන දුක් විදිමින් බව ඇය මිය යාමට ඉහතදී කියා සිටියාය.

එවැනි දුක් විදිමින් පසුව අය L.T.T.E. සංවිධානයට බැදෙන්නට තීරණය කල ද ගෙදර යට ඒ පිලිබඳ තිබු බය හේතුවෙන් ඇගේ එම අදහස දිනෙන් දින කල් ගොස් ඇත.

කෙසේ හෝ ඇය L.T.T.E. සංවිධානයට බැදී අවසානයේ එම සංවිධානයේ දේශපාලන අංශ නායිකාව ලෙස පත් වී ඇත.

පසුව ඇය යුද්ධය අවසානයේ දී අත්අඩංගුවට පත් විය.පසිව වවුනියාව පුන්තෝට්ටම් කඳවුරේ පුනරුත්ථාපනය ලබා නිදහස් විය.

ගිය වසරේ දී පිළිකාවක් හේතුවෙන් අය මිය ගියාය.

අය මිය යාමට පෙර සිය ජීවිත කතාව ඇසුරෙන් අය පොතක් ලියා ඇත.පසුව ඇහේ සැමියා විසින් එය මුද්‍රණය කළේය.

ඇගේ සැමියා එම කෘතියේ දෙමළ පිටපත මේ මස 19 එළිදැක්වීමට සුදානම් කර ඒ සම්බන්ධයෙන් අවසර ගැනීමට කිලිනොච්චි පොලිසිය වෙත ගොස් අවශ්‍යතාව පවසා තිබේ.

පොලිසියෙන් ඊට අවසර නොලැබුණු බව ඔහු පවසයි.

තමිලිනීගේ පොතේ පිටකවරයේ ඇය L.T.T.E. නිළ ඇඳුමෙන් සිටීම සහ එම සංවිධානයේ ධජය සහිත ඡායාරූප තිබීම අවසර නොලැබීමට හේතු වී ඇත.ඒ ඡායාරූප ඉවත් කළහොත් අවසර ලබා දිය හැකි බව පොලිසිය පැවසූ බව තමිලිනීගේ සැමියා පවසයි.

මෙම ග්‍රන්ථය ISBNඅංකය සහිතව නීත්‍යානුකුලව මුද්‍රණය කර ඇති බවත් පොලිසිය මෙයට බාධා කිරීම ගැටලු සහගත බවත් ඔහු පවසා සිටී.

එම බාධා කිරීම් වලට එරෙහිව නීතිපති උපදෙස් ගන්නා බව ද වාර්තා විය.

එමෙන්ම අදාල ග්‍රන්ථය මුද්‍රණය කිරීම දඩුවම් ලැබිය හැකි වරදක් බව දන්වා තමිලිනීගේ සැමියා පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමේ සුදානමක් පවතින බව වාර්හා වේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.