තම දරු දෙදෙනාට පිහියෙන් ඇන බඩ කපා ගත් අම්මා

woman-stabbedවයස අවුරුදු 2 1/2 ක්‌ සහ මාස 03 ක්‌ වූ තම දරුවන් දෙදෙනාට පිහියකින් ඇන බරපතළ තුවාල සිදුකර ඇයද තම උදරය ප්‍රදේශය කපාගත් මවක් පිලිබඳ පුවතක් මඩොල්සිම පොලිස්‌ වසමට අයත් ඌවකැලේවත්ත වතු නිවාසයකින් වාර්තා වේ. මේ වන විට ඔවුන් තිදෙනාම බදුල්ල මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිති.

දරුවන් දෙදෙනාගේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබා ගන්නා අතර මව අංක 12 වාට්‌ටුවට ඇතුළත් කර ඇත. දරුවන්ගේ තුවාල බරපතල බව රෝහල් අරංචි මාර්ග පවසයි. පවුල් ආරවුලක්‌  මත මෙය සිදුවන්නට ඇතැයි පොලිසිය පවසයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.