තහනම් වාජිකරණ ආයුර්වේද නිශ්පාදන ලෙස ලියාපදිංචිය ඖෂධ නියාමන අධිකාරියට නවත්වන්න බෑ…

rajitha-senaratne-1ජාතික ඖෂධ නියාමන අධිකාරිය ප්‍රතික්ෂේප කරන වාජිකරණ නාමයෙන් හදුන්වන ඔෟෂධ හෝ නිෂ්පාදන, ආයුර්වේද නිෂ්පාදන ලෙස ලියාපදිංචි කොට එළි දැක්විම සම්බන්ධයෙන් කටයුතු කිරිමට නෛතික බලයක් මෙම අධිකාරියට නැති බව සෞඛ්‍ය පෝෂණ හා දේශිය වෛද්‍ය ඇමති රාජිත සේනාරත්න පාර්ලිමේන්තුවේදි 12 දා ප්‍රකාශ කළේය.

වාජිකරණ ගුණ ඇති බවට දක්වා අධිකාරියේ ලියාපදිංචි කිරිමට ඉල්ලූම් කරනු ලැබු ඇතැම් නිෂ්පාදන, ලියාපදිංචි කිරිම ප්‍රතික්ෂේප කිරිමෙන් අනතුරුව ආයුර්වේද ඔෟෂධ ලෙස ලියාපදිංචි කොට වෙළෙද පොලට නිකුත් කළ අවස්ථා නිරික්ෂණය වි ඇති බවද ඔහු ප්‍රකාශ කළේය. එක්සත් ජාතික පක්ෂ මාතර දිස්ත්‍රික් මන්ත්‍රී බුද්ධික පතිරණ ඇසු වාචික පිළිතුරු අපේක්ෂිත ප්‍රශ්නවලට දුන් පිළිතුරක මේ බව සඳහන්වේ.

වාජිකරණ ගුණ ඇති හෝ වාජිකරණ ගුණ ඇතැයි එළඹගත් විශ්වාසය ඇතිව බොහෝ ඔෟෂධ හා නිෂ්පාදන වෙළෙද පොලේ විකුණනු ලබන බවට හා සංසරණය වන බවට තොරතුරු ලැබි ඇති බවද ඒ ඔහු කීවේය. ජාතික ඔෟෂධ නියාමන පනත යටතේ ලියාපදිංචි කොට ඇති ඔෟෂධ විකිණිය හැක්කේ ලියාපදිංචි වෛද්‍යවරයකුගේ වෛද්‍ය වට්ටෝරුවක් මත පමණක් බවත් එවැනි වට්ටෝරු නොමැතිව වාජිකරණ ඔෟෂධ විකුණු හා බලපත්‍ර නොමැතිව එම ඔෟෂධ ගබඩා කර තිබු අවස්ථා 23 ක වැටලිම් කොට සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කොට ඇති බව ද ඇමතිවරයා ප්‍රකාශ කළේය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.