ත්‍රස්ත මර්ධන පොලිස් නිලධාරීන් පිරිසකගේ තුට්ටු දෙකේ වැඩක්………….

unpaid-billදිනසේන රතුගමගේ
වවුනියාව ත්‍රස්තමර්දන අංශයේ නිලධාරීන් පිරිසක් වවුනියාව ඊරට්ටපෙරියකුලම ප්‍රදේශයේ වැසියෙකුගේ නිවස කුළියට ගෙන සිට එහි විදුලිබිල වූ රුපියල් එක්ලක්ෂ විසිහතර දහසක මුදලක් ගෙවීම පැහැර හැරීම නිසා වසර දෙකක කාලයක් තිස්සේ එම නිවසේ විදුලිය විසන්ධි කොට තිබේ.

පොලිස් කණ්ඩායම නිවසේ පදිංචිව සිට ඉන් පිටව යන අවස්ථාවේදී නිවසේ කුළිය වූ රුපියල් එකොළොස් දහසක මුදල පමණක් ගෙවා ඇතත් ඔවුන් සිටි කාලයට විදුලි බිල ගෙවා නොමැත.
මේ වන විට වසර දෙකක් ගත වී ඇතත් පොලීසිය එම මුදල ගෙවා නොමැත.මෙතාර්ම් විශාල මුදලක් විදුලි බිල වශයෙන් ගෙවීමට නිවෙස් හිමියාට නොහැකි නිසා වසර දෙකක් තිස්සේම ඔහුගේ නිවසට විදුලි බලයද නොමැතිව ඉතා අසරණ තත්ත්වයකට පත්ව සිටියි.

මේ පිළිබදව වවුනියාවේ සෑම පොලිස් නිලධාරියෙකුටමත් පොලිස්පතිවරයාටත් ලිඛිතව පැමිණිලි කොට ඇතත් තමන්ට කිසිම අන්දමක සාධාරණයක් පොලීසියෙන් සිදු නොවූ බව නිවෙස් හිමියා සදහන් කරයි. පොලීසිය සාමාන්‍ය අසරණ වැසියන්ට මෙවනි අසාධාරණකම් සිදු කරණ විටත් පොලීසියේ ඉහල නිලධාරීන් නිහඩව සිටීනම් රටේ නීතිය හා පොලීසිය පිළිබදව දැඩි පිළිකුළක් ඇතිවන බව එම නිවෙස් හිමියා කියා සිටියි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.