ත්‍රීකුණාමලයේ නරුමයෙක් දරු දෙදෙනා හා බිරිද කපා මරයි

naruma piyekත‍්‍රිකුණාමලය, කන්නියා, තිරුකුඤ්ඤමලේ ප‍්‍රදේශයේ නිවසක අද (13) පෙරවරුවේ පුද්ගලයෙක් විසින් සිය නොදරුවන් දෙදෙනා හා බිරිද තියුණු ආයුදයකින් කපා මරා දමා තිබේ.

දරුවන් දෙදෙනා එම ස්ථානයේදීම මිය ගොස් ඇති අතර බරපතල තුවාල ලද බිරිද ත‍්‍රිකුණාමලය මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මිය ගිය බව උප්පුවේලි පොලිසිය පවසයි.

මෙසේ මිය ගොස් ඇත්තේ එල් ගයාත‍්‍රී (10) හා එල් සන්ධ්‍යානි (08) නැමැති ගැහැණු දරුවන් දෙදෙනෙකු හා තිස්අට හැවිරිදි විශ්වලිංගම් විද්‍යා නැමැති අයයි.

නිවස තුළ සිය දරුවන්ට හා බිරිදට කඩුවකින් පහර දෙමින් සිටියදි ප‍්‍රදේශවාසීන් පැමිණ බේරා ගැනීමට උත්සහ කලද මෙම පුද්ගලයා ප‍්‍රදේශවාසින්ටද කඩුවෙන් පහරදීමට උත්සහ කර ඇත. අනතුරුව එම ස්ථානයට පැමිණි උප්පුවේලි පොලිසියේ නිලධාරින් ප්‍රදේශවාසීන්ගේ ද සහය ඇතිව වහලයෙන් නිවසට ඇතුලූවී ඝාතකයා අත් අඩංගුවට ගනු ලැබීය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.