තාජුදීන් මරණය ගැන රාජිත කියන්නේ ඇත්තක්ද?

Thajudeen

 

රග්බි ක‍්‍රීඩක වසීම් තාජුඩීන් ගේ ඝාතනය සිදුවූ ආකාරය සීසීටීවී කැමරා දර්ශන වල සටහන් වී ඇතැයි කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

 

අදාළ සීසීටීවී දර්ශනවල වසීම් තාජුඩීන් මහතා සී.ආර්.ඇන්ඩ්.එෆ්.සී ක්‍රීඩා ශාලාවේ සිට ආහාර ගෙන පිටතට යන දර්ශන සහ ඉන් අනතුරුව ඔහු අත්අඩංගුවට ගෙන රැගෙන ගොස් පහරදී මරා දමන තෙක් පටිගතවී ඇති බවද අමාත්‍යවරයා සඳහන් කොට සිටී.

ඔහු ප‍්‍රකාශ කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරි දිනකදී එම දර්ශන අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ඇති බවයි.

වසීම් තාජුඩීන් ගේ මරණය ඝාතනයක් බව ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ වෛද්‍ය කණ්ඩායම ඉකුත් දා අධිකරණයට දැනුම් දී ඇත.

[vsw id=”/r8AJxyN-ZHs” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

 

කෙසේ වෙතත් මෙවන් ආන්දෝලනාත්මක ප්‍රකාස සිදු කොට පසුව ඒවා බොරු වූ පසු නිහඬව සිටීම රාජිත සේනාරත්න ඇමතිවරයාගේ සිරිතක් බවට පත්ව තිනේ.

කොටි සංවිධානයේ  කේ .පී රටින් පැන  ගිය බව ප්‍රකාශ කිරීම සහ මෙවර අයවැයේ දී විපක්ෂ මන්ත්‍රීවරු පිල් මාරු කරන බව පැවසීමත් එවැනි අවස්ථා  දෙකකි .

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.