තාරුණ්‍ය කාමර වලට ගාල් කරන්නේ මුන්ගේ අවනීතියම නොවන්නේද?

තාරුණ්‍ය කාමර වලට ගාල් කරන්නේ මුන්ගේ අවනීතියම නොවන්නේද?

20100416-4

තරුණ යුවලක් නිදහස් චතුරශ්‍රයේ වාඩි වී කතා කරමින් සිටීමට සංස්කෘතික පොලිසියේ විරුද්ධවීමක් සමග ඇති වූ බහින් බස් වීමක වීඩියෝවක් මේ දිනවල දැඩි ලෙස කතාබහට ලක් වේ.

ඇතැමෙක්ට මෙය ජොලියක් වුවත් මෙහි සැගවී ඇති කාරණය බලධාරීන් අවධානයට හසු කර නොගන්නේනම් මෙය අනාගත මහා විනාශයකට ඇත වැනීමක් වැනිය.

යෞවනය හැමවිටම ප්රෙමනීයය උද්වෙගකරය ඒ යෞවනයේ ස්වභාවයයි. අද සිල් රකින බොහෝ අයගේ තරුණ කාලයද ප්‍රේමනීය බව උද්වේගකාරී බව පිරී තිබුණු බව බලෙන් අමතක කර තිබීම මෙයට හේතුවයි.

නිදහස් චතුරශ්‍රයේ දෙදෙනෙකුට වාඩි වී කතා බහ කිරීමට හෝ නිදහසක් නොමැතිනම් අපි කියන්නේ වහාම නිදහස් චතුරශ්‍රයේ නම වෙනස් කරගන්නා ලෙසයි.

අද සියලුදෙනාම පිළිගත යුත්තක් තිබේ ඒ ලංකාවේ තරුණ තරුණියන්ට ආදරය කරන්නට කාලය ගත කරන්නට තැනක් නොමැති බවයි.

උන් බස් එකේ කතා කරන විට වයසක උන්දලා ඒ දෙස බලනේ කවදවත් නොදැකපු අමුතු දෙයක් ලෙසයි. උන් පාර්ක් එකේ කතා කරන විට වැරදි කල නොකළ හැම එකම පොලිසීයෙන් පැන බසයක පටවන් බුරුතු පිටින් පොලිසි ගෙන ගිය කතා අප කොතෙකුත් අසා තිබේ.

පසුගියදා මේ තරුණ යුවලගේ සිද්ධිය ලෙස හැරී බැලීමේදී ඔව්න් කී කතාවක් මතෙකෙට නැගේ ඒ අපි කල වරද කුමක්දැයි ඇසු විට නිලධාරීන් ලබා දෙන පිළිතුරයි. නිලධාරීන් වරද ලෙස පෙන්වන්නේ නිදහස් චතුරශ්‍රයේ වාඩි වී සිටීමයි.

හුලගින් ඒඩ්ස් බෝ වෙන රටක නිදහස් චතුරශ්‍රයේ හිදගන සිටීමෙන් සිල් බිදීම අරුමයක් නොවේ.

මේ ලෙස තාරුණ්‍ය අවහිර කිරීමෙන් සිදු වන්නේ ඔවුන් ලැගුම්හල් වල කාමරතුල නිදහසේ කාලය ගත කිරීමට යොමු වීම නොවේදැයි අපි බලධාරීන්ගෙන් අසමු.

එවිට නිදහස් චතුරශ්‍රයේ සංස්කෘතිය රැකෙනු ඇත අපේ අනාගත පරපුර ගැන අපේ බලාපොරොත්තුව අතහැර ගන්නට සිදුවනු ඇත.

අප පුංචි කාලයේ පටන් එපා කියන දේ කරන්නට කැමැත්තෙමු. මේ කරණයේදී සිදු වන්නේද එයයි, නිදහස් චතුරශ්‍රයේ හමු වන්නට නොදෙන විට ඔව්න් හමු නොවී සිටීද නැතහොත් කිසිවෙකුගේ ඇස මායිමට හසු නොවන තැනකට ගොස් ප්‍රේම කරාවිද යන්න තරුණ විය පසු කල ආතල මුත්තලා කවුරුත් තම හදවතට තට්ටු කර අතීතයෙන් විමසා බැලිය යුතුය

තාරුණයේ නිදහසට වැටකඩුලු බැඳීමෙන් සිදු වන්නේ අගතියක් මිස සුගතියක් නොවන බව අපගේ විශ්වාසයයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.