“තූල්” මතින් මත්වන රටේ අනාගතය

pic21අප මත්ද්‍රව්‍ය ගැන බොහෝ අසා ඇත්තෙමු. තෙලිජ්ජ වල සිට සුද්දා ගෙනා රට බීම දක්වාත් සූස්තියේ සිට හෙරොයින් දක්වාත් අපි කතා කරන්නෙමු. පාසල් අවධියේදී කොලුකමට හොරෙන් දුම් වැටි ඉරු අයත් මේ ලිපිය කියවමින් සිටුනු ඇත. එහෙත් මේ පවසන්නේ ඒ කිසිවක් ගැන නොවේ ගුරුවරුන්ගේ ඇසට වැලි ගස අවුරුදු 11 , 12 පොඩි එකාගේ පටන් මත් කරවන තූල් ගැනය. 

මොනවද මේ තූල් ?

ගෙදර ආච්චිගේ සීයාගේ බුලත් හෙප්පුවෙන් හොරකම් කරගන්නා දුම්කොළ ස්වාල්පයකටත් හුණු ස්වල්පයකටත් ඉතා පහසුවෙන් තූල් එකක් නිර්මාණය කල හැක. ප්‍රසිද්ධ මාද්‍යයෙන් මෙය සාදන ආකාරය පැවසීම සුදුසු නැත. එහෙත් නොදන්නා පොඩි එකෙක්ද නැත.

තූල් වලට යොමු වන්නේ ඇයි?

දුම්වැටි උරණ විට කිසිවෙකුට හෝ හසුවිය හැක. ඒ කලේ සිට පැවති මදන මෝදක පොඩි උන්ට කඩෙන් දෙන්නේ නැත. එහෙත් ගෙදර ගෙන යාමට දුම්කොලයක් හා විට හුණු පැකට් එකක් නොදෙන කඩයක් නැත. කවුරුත් පන්ති කාමරයේදී තොල නොපිට පෙරලා පෙන්වන්නට කියන්නේද නැත. මෙනිසාවෙන්ම පාසලේ 6 පන්තියේ සිට 13 දක්වාත් රැකියා කරන අයවලුන් පැවාත් තූල් මතින් මත වන්නට ඇබ්බැහි වෙමින් පවතී.

දුම්කොළ හා හුණු මිශ්‍රණය යටි තොලෙහි තබාගන බොහො වෙලා සිටීමෙන් ඇතිවන මුඛ පිළිකා අවධානම අමුතුවෙන් පැහැදිලි කර දිය යුතු නොවේ. අද සවස පාසල් ඇරී ගෙදර එන පොඩි එවුන් කීප දෙනෙකු අල්ලාගෙන ඔවුන්ගේ සාක්කු පරීක්ෂා කළහොත් අනිවාර්යෙන් තූල් එකක් හොයා ගැනීම අපහසු කාර්යක් නොවෙනු ඇත.

මේ කාටත් හොරා මත්  වී විනාශ වී යන්නේ වෙන කිසිවකුත් නොව රටේ අනාගතයයි. පාසල් ගුරුවරුන් මෙන්ම දෙමාපියන්ගේත් සමාජයේත් වගකීම වන්නේ ශක්තිමත් හෙට දවසක් උදෙසා රටේ අනාගත පරපුර මෙවැනි ව්‍යසනකාරී කටයුතුවලින් ප්රෙවෙශම් කර ගැනීමයි.

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.