දඟ පන්දුවේ හෙට දවස

ශ්‍රී ලංකාවේ ලෝක ප්‍රකට දඟයා වූ මුරලි නික්ම ගියදා පටන්  ඒ හිස්තැන පිරවීම සඳහා රංගන හේරත් ගෙන් ලැබුනේ ප්‍රබල දයකත්වකි.

දැන් රංගන ගේ හෙට දවස අවිනිශ්චිතය.

ඉදිරියේදී ටෙස්ට් ක්‍රිකට් තරග සඳහා පමණක් ක්‍රීඩා කිරීමට තමන් වැඩි අවධානයක් යොමු කරන බව රංගන හේරත්  කියා සිටී.

දණහිසේ ඇතිවී තිබෙන ආබාධ තත්වය හේතුවන් මෙවර බටහිර ඉන්දීය කොදෙව් – ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා නොකර සිටීමට තීරණය කළ බව යි  රංගන හේරත්  කියා සිටින්නේ.

මුරලි නික්ම ගිය පසු තරඟවාර විස්සක් ඇතුළත  කඩුළු 136 ක් ලබා ගැනීමට රංගන සමත් විය.

බටහිර ඉන්දීය කොදෙව් – ශ්‍රී  ලංකා තරඟ පෙළ තුල අත්හදා බැලීමේ ඉඩක් ක්‍රිකට් බලධාරීන්ට ලැබී ඇත.

 

 

දඟ පන්දු යවන දිල්රුවන් පෙරේරාට  අළුත්  අවස්ථා ලැබීමට ඉඩ  ඇත.

අජන්ත මෙන්ඩිස්  තවමත් ප්‍රත්කාර ලබමින් සිටින හෙයින් සංචිතයේ සිටින දඟ පන්දු යවන්නන් හිතුවාට වඩා ඉක්මනිනින් තරඟ පිටියට කැඳවීමට ඉඩ තිබේ.

 

අමිල අපෝන්සෝ,සහන් නානායක්කාර සහ ජෙෆ්රි වැන්ඩර් සේ  බලාපොරොත්තු තැබිය හැකි ක්‍රීඩකයින් අතරේ සිටින බවයි  ජාතික දඟ පන්දු පුහුණුකරු පියල් විජේතුංග කියා සිටී.

 

සහන් නානායක්කාර

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.