අතුරුදන් වූ දරු දෙදෙනා හමුවෙති…

trinco1අතුරුදන් වූ ත්‍රී කුණාමලය ආන්දම්කුලම මිහිදුපුර ප්‍රදේශයේ ජීවත් වූ දරුවන් දෙදෙනා මීට ටික වේලාවකට පෙර වාලච්චේනයේ ප්‍රදේශයේ සිටියදී වාලච්චේන පොලිසිය විසින් සොයාගෙන තිබේ.    එල් රොෂාන් ( දකුණේ) හා එස් දනුෂන් ( වමේ) නැමැති මේ දරුවන් දෙදෙනා එක පවුලේ සහෝදර සහෝදරියන් වූ අතර ඊයේ සිට අතුරුදන්ව සිටියේය.

නව හැවිරිදි හා එකොළොස් හැවිරිදි මේ දරුවන් දෙදෙනා   ඊයේ සවස 3 ට පමණ ටියුෂන් පන්තියකට යෑම සදහා  නිවසින් පිටව ගිය අතර  ඉන් පසුව අතුරුදන්ව තිබිණි. ප්‍රදේශවාසීහු රෑ මුලුල්ලේ දරු දෙදෙනා සොයමින් අවට කැලෑ, වැව්, හා පාලු ප්‍රදේශ පීරූහ.

මේ දරුවන් දෙදෙනා අමතර පන්ති යන ආකාරයෙන් ගෙදරින් පිටව ආන්දම් කුලම වැවේ දිය නෑම පුරුද්දක් කරගෙන සිට ඇත. මේ නිසා ඔවුන් දෙදෙනා දෙමව්පියන්ගෙන් දඩුවම් ද විද තිබේ. ඊයේ සවසත් ටියුෂන් යන මුවාවෙන් ගෙදරින් පිටවූ දරුවෝ වැවට ගොස් දිය නාමින් සිටිද්දී හදුනන අයෙක් දැක තිබේ.

මේ තැනැත්තා තමන් හදුනාගත්තා යැයි සැක කළ දරු දෙදෙනා කලබල වී දෙමව්පියන්ට ලියුමක් ලියා තබා පැනගොස් ඇත. ඒ ලියුමේ සදහන්ව තිබී ඇත්තේ  ගෙදරට පැමිණියහොත් දඩුවම් කරන බැවින් යළිත් නිවසට නොපැමිණෙන බවය.

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.