දියවන්නාවට වෙනම නීතියක්ද?

 

RAHAMAN

 

 

එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතාට සන්ධානයේ මන්ත්‍රීන් පිරිසක් පහරදීමට තැත්කිරීමේ සිදුවීමෙන් පෙනීයන්නේ  දියවන්නානව වෙනමම නීතියක් ඇති බවයි.

මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ සිද්ධිය සම්බන්ධයෙන් අදහස් පළ කිරීමත් සමග මෙම උණුසුම් තත්ත්වය වර්ධනය විය.

රහුමාන් මහතාට පෙර මන්ත්‍රී නාමල් රාජපක්ෂ පාර්ලිමේන්තුවේ අදහස් පල කර ඇති අතර ඉන් පසුව රහුමන් මහතා කතා කරමින් සිටියදී ජොන්ස්ටන් ප්‍රනාන්දු, සනත් නිශාන්ත සහ ඉන්දික අනුරුද්ධ යන සන්ධාන මන්ත්‍රීවරුන් මන්ත්‍රී මුජිබර් රහුමාන්ට පහරදීමට පැමිණ ඇත.

මැර බලයෙන් මන්ත්‍රී මුජිබර් රහුමාන් නිහඬ කරන්නට උත්සාහ ගත් පාර්ලිමේන්තු මැරයින් ගේ තර්කය වූයේ උසාවියේ විභාග  වන නඩුවක් පිළිබඳව පාර්ලිමේන්තුවේදී කතා බහ නොකළ හැකි බවයි.

[vsw id=”/y29sAxprIBs” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

 

 

ස්වාධීන ආයතනයක්

පාර්ලිමේන්තුව ස්වාධීන ආයතනයක් වන හෙයින් ඒ තර්කයේ වලංගු බවක් නැති නමුත් යම් හෙයකින් පාර්ලිමේන්තුවේ කරන කතා බහ හේතුවෙන් නඩුවට අගතියක් වේ නම් ඒ පිළිබඳව තීරණයක් ගත යුත්තේ කතානායකවරයාය.

යළි සභාව රැස්‌වූ අවස්‌ථාවේදී කලින් වූ සිද්ධිය මත නවීන් දිසානායක සහ ජොන්ස්‌ටන් ප්‍රනාන්දු යන මහත්වරු බහින්බස්‌ වෙමින් එකිනෙකාට පහරදීමේ වෑයකම නිරත වී ඇත පාර්ලිමේන්තුව චන්ඩි බජාර් එකක් බවට පත්වෙද්දී  සෙසු මන්ත්‍රීවරු සහ වේත්‍රධාරිවරයා එකතුව එය සමථයකට පත් කළහ.

මෙම සිද්ධිය නිසා සභාව දෙවරකට අත්හිටුවූ අතර අවසන් වර පස්‌වරු 4.45 ට කතානායකවරයා සභාව කල් තැබුවේ මන්ත්‍රීවරයාට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පටිගති වී ඇති වීඩියෝ පට නරඹා තීන්දුවක්‌ ලබා දෙන බව පවසමිනි.

කතානායක කරු ජයසුරියට මන්ත්‍රීවරයෙකුගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය රක දිය හැකිද යන්න පිළිබඳව ලෝකයා බලා සිටී.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.