දිල්රුක්ෂි නික්ම ගිය පසු……………….

dilrukshi-wickramasingheඅල්ලස් හා දූෂණ විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂක ජෙනරාල්වරිය වූ දිල්රුක්ෂි වික‍්‍රමසිංහ මහත්මියගේ ඉල්ලා අස්වීමත් සමග මීලඟට කුමක් සිදුවේද යන්න පිලිබඳව අවධානය යොමු වී තිබේ. අමාත්‍ය රාජිත සේනාරත්න කියා සිටියේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට මෛතී‍්‍රපාල සිරිසේන ජනාධිපතිවරයා කිසිඳු විටෙක අනුකූලතාවයක් දක්වන්නේ නොමැති බවයි. පරාජිත පිරිස නිවන් දැක්කත් ඔවුන්ට බලය නම් අත්පත් කරගත නොහැකි බවයි ඔහු කියාසිටින්නේ.

මේ අතරවාරයේ ජනාධිපතිවරයා ගේ ප‍්‍රකාශයට තුඩුදුන් හේතු පිළිබඳ රාජිත සේනාරත්න අමත්‍යවරයා කියා සිටියේ හමුදා ප‍්‍රධානීන් අල්ලස් හා දූෂණ වංචා විමර්ශනය පළිබඳ චෝදනා ගොනුකොට ඔවුන්ට එරෙහිව කටයුතු කිරීම පිළිබඳව හමුදාව තුල යම් අප‍්‍රසාදයක් ඇතිවීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ අවධානයක් යොමු වී ඇති බවයි.

මෙම අවධානය යොමුවීමට අදාල බුද්ධි තොරතුරු සැපයූ බි‍්‍රගේඩියර් තුවාන් සුරේෂ් සාලි පිළිබඳව සිවිල් සමාජ සංවිධාන කියා සිටින්නේ ඔහුව ඉවත් කලrajitha-senaratne යුතු බවයි. මහාචාර්ය සරත් විජේසූරිය පෙන්වා දෙන්නේ මෙම බි‍්‍රගේඩියර් වරයාට එරෙහිව අපරාධ චෝදනා රැසක් තිබෙන බවත් ඔහු මහින්ද රාජපක්ෂ ආණ්ඩුව විසින් පත්කල අයෙක් බවත්ය. මේ අතර වාරයේ ප‍්‍රගීත් එක්නැලිගොඩ නඩුවේදී හමුදා බලධාරීන් නිසි සහයෝගය නොදක්වන බව නීතිපතිවරයා විසින් උසාවියට වාර්තා කොට තිබේ.

එමෙන්ම සන්ඬේ ලීඩර් හිටපු කතුවර ලසන්ත වික‍්‍රමතුංග ගේ ඝාතනය සහ හිටපු දිවයින කර්තෘ උපලි තෙන්නකෝන් හට සිදුවූ ප‍්‍රහාරය ගැනද බුද්ධි අංශ නිලධාරීන්ට චෝදනා එල්ල වී තිබේ. මේ චෝදනා සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කුමක් කරන්නේද යන ප‍්‍රශ්නයත් මතු වී තිබේ. එමෙන්ම හිටපු පොලිස්පතිවරු දෙදෙනෙක් හා නියෝජ්‍ය පොලිස්පති වරයෙක් හා හමුදාපතිවරයෙක් සම්බන්ධයෙන්ද චෝදනා ඉදිරිපත් වී තිබේ. මේ චෝදනා සම්බන්ධයෙන් ඉදිරියට කටයුතු කරන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට ආණ්ඩුවට සිදුවනු ඇත.

දිල්රුක්ෂි වික‍්‍රමසිංහ මත්මියගේ නික්ම යෑමෙන් පසු මතුවන තවත් ප‍්‍රශ්නයක් නම් ඇයට එල්ල වන චෝදනා පිළිබඳව ඇය කුමක් කරාවිද යන්නයි. කැබිනට් ප‍්‍රකාශක රාජිත සේනාරත්න අමාත්‍යවරයා පැවසූ ආකාරයට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ඩුබායි හි ඇතැයි කියන බැංකු ගිණුම් පිරික්සීමට එහි රජුට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ අත්සනින් යුතු ලිපියක් ඉල්ලා ගත් වික‍්‍රමසිංහ මහත්මිය එය ඉල්ලා ගැනීමෙන් පැයකට පමණ පසුව ඒ ගැන මහින්ද රාජපක්ෂට දැනුම් දී ඇති බවයි. මෙය බරපතල චෝදනාවක් වන අතර වික‍්‍රමසිංහ මහත්මියත් ජනාධිපති සිරිසේන පමණක් දන්නා මේ සිද්ධිය සම්බන්ධයෙන් ඇයට එල්ල වන චෝදනා පිළිබඳව ඇය කුමක් කරාවිද යන්න පිලිබඳවත් ප‍්‍රශ්නයක් මතුවී තිබේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.